රාජ්‍ය දේපල අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට අග්‍රාමාත්‍යවරයාගෙන් උපදෙස්

Share Button

ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත් ඇඹිලිපිටිය යෝධගම උදා ගම්මාන භුමියේ පිහිටි නායකත්ව සංවර්ධන ජාතික මධ්‍යස්ථානයේ තුන්වැනි ශාලාවේ අනවසරයෙන් පදිංචි වී සිටින පවුලක් පිළිබද තොරතුරු සොයා බැලීම සදහා නිවාස රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ මහතා ඊයේ එම ස්ථානයට ගොස් තිබේ රාජ්‍ය නොවන සංවිධානයක් පවත්වාගෙන යන මුවාවෙන් කිසිදු නීතිමය පදනමක් නොමැතිව පසුගිය රජයේ දේශපාලන හිතවත්කම් මත සකසා ගත් ව්‍යාජ ගිවිසුමක් ඉදිරිපත් කරමින් ඔවුන් එහි බලහත්කාරයෙන් රැඳී සිටින බවට එහිදී තොරතුරු අනාවරණ විය සමාජ සේවා කටයුතු පවත්වාගෙන යාම වෙනුවෙන් බව සදහන් කරමින් මෙම ශාලාව ලබා ගෙන ඇති අතර එහි කිසිදු සමාජ සත්කාරක වැඩසටහනක් මේ දක්වා ක්‍රියාත්මක කර නැත පසුගිය රජයේ නිවාස ඇමතිවරයා ලෙස කටයුතු කළ සජිත් ප්‍රේමදාස මහතා රාජ්‍ය දේපල තම හිතවතුන්ට අයථා ලෙස පරිහරණය කිරීමට ඉඩ ලබාදී ඇති බැවින් ඒ පිළිබද සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දික අනුරුද්ධ රාජ්‍ය ඇමතිවරයාට උපදෙස් දී තිබුණි ඒ අනුව පසුගිය රජය සිදු කළ රාජ්‍ය දේපල අවභාවිත කළ සිදුවීම් රැසක තොරතුරු අනාවරණ කර ගැනීමට හැකිවී තිබේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *