ප්‍රවීණ රංගන ශිල්පී ජයලත් මනෝරත්න මහතා අභාවප්‍රාප්ත වෙයි

Share Button

1948 ජූනි 12 වනදා උපත ලැබූ ඔහු අද අඵයම 1 ට පමණ අබේරත්න මාවත බොරලැස්ගමුවේ පිහිටි සිය නිවසේදී මිය ගියේය කලක් රෝගාතුරව සිටි ඒ මහතා ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රයේ නොමැකෙන සටහනක් තැබූ ප්‍රවීණයෙකි කෙසෙල් ගස්පේ මනතුංග ජයලත් මනෝරත්න ලෙස ඔහු උපත ලැබූයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ දෙහිපේ ගම්මානයේය දෙහිපේ ප්‍රාථමික විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ඔහු පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලයට ඇතුලත් වූයේ පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත් වීමෙන් පසුවයි මුල් වරට රංගනයෙන් ඔහු සම්බන්ධ වන්නේ සුනිල් ශ්‍රියානන්ද මහතාගේ අස්ප ගුණ්ඩු පාසල් නාට්‍යයටයි පාසල් අද්‍යාපනයෙන් පසු පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුල්වීමට වරම් ලබන ඔහු දෙවැනි වසරේදී එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ප්‍රේමතෝ ජායතී සෝකෝ නාට්‍යයට එක්විය වෙස්සන්තර මහාසාර කදාවලඵ එලොව ගිහින් මෙලොව ආවා වැනි නාට්‍ය රැසකට ඔහු රංගනයෙන් දායක විය විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයකු ලෙසද සේවය කල ඔහු මෙරට සිනමා සහ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ සිටි ප්‍රවීණතම රංගන ශිලිපියෙකු විය හදයා සිරිබෝ අයියා හිතහොද චණ්ඩියාමංගල තෑග්ග ස්ත්‍රී උමයංගනා ඇතුඵ චිත්‍රපට රැසකට ඔහු රංගනයෙන් දායක වියඩ්€ඤු සුදු කඵවර චිත්‍රපටය වෙනුවෙන් හොදම සහාය නඵවාට හිමි සරසවි සම්මානයෙන් ඔහු පිදුම් ලැබූයේ 2004 වසරේදීය භේරුණ්ඩ පක්ෂියා චිත්‍රපටය වෙනුවෙන් හොදම සහාය නඵවාට හිමි සම්මානය ඔහුට 2007 වසරේදී හිමිවිය බෝඩිම දූ දරුවෝ කන්දෙ ගෙදර සකිසද එළියස් ගජමං නෝනා වැනි ටෙලි නාට්‍ය රැසකට ද ඔහු රංගනයෙන් දායක විය හොදම නඵවා සහ හොදම සහාය නඵවා ඇතුඵ සම්මාන රැසක්ද ටෙලි නාට්‍ය වෙනුවෙන් ඔහුට හිමිව ඇත ඔහුගේ ගායන හැකියාව මෙරට වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ නව මානයක් විවර කල බව විචාරකයෝ පවසති ඩ්ගුරු තරුව නරිබෑනා හොරු සමග හෙඵවෙන් එළොව ගිහින් මෙළොව ආවා ගජමන් පුවත ලෝකය තනි යායක් රතු හැට්ටකාරී මහාසාර මධුර ජවනිකා සුභ සහ යස සුද්දෙක් ඔබ අමතයි සුදු රෙදි හොරු වැනි වේදිකා නාට්‍ය රැසකට රංගනයෙන් දායක වූ ඔහුට ඒ වෙනුවෙන් සම්මාන රැසක් හිමිවිය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *