පක්ෂයේ තනතුරු වෙනුවෙන් නොබෙදී පවතින මන්ත්‍රීධූර සංඛ්‍යාව හෝ රැකගැනීමට කටයුතු කල යුතු බව විපක්ෂ නායකවරයා කියයි

Share Button

එක්සත් ජාතික පක්ෂය එලඹෙන මහ මැතිවරණයට පුඵල් සන්ධානයකින් තරග කරන බව ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා පවසයි මේ වන විට ආණ්ඩු පක්ෂය හඩ පට සිද්ධියක් යොදා ගනිමින් මඩ දේශපාලනයේ නිරත වන බව ඔහු කියයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වී ජය ගන්නා බව ඔහු පැවසුවේ පේරාදේණියේ පැවති උත්සවයකට එක්වෙමි

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවිස්සාවේල්ල කඵඅග්ගල ප්‍රදේශයේ ජන රැලියකට එක්වෙමින් පැවසුවේ තනතුරු මත බෙදී වෙන්වී නොගොස් පවතින මන්ත්‍රී ධූර සංඛ්‍යාව හෝ රැක ගැනීමට එලඹෙන මහ මැතිවරණයේදී කටයුතු කළ යුතු බවයි එක්සත් ජාතික පක්ෂයේ යල් පැනගිය අදහස් වත්මන් සමාජයට නොගැලපෙන බවද ඔහු කියා සිටියේය
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ අනාගත වැඩපිළිවෙල සම්බන්ධව ලබන බ්‍රහස්පතින්දා එකගතාවයකට පැමිණිමට බලාපොරොත්තුවන බව එම පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි කබීර් හෂීම් මහතා පවසයි එලැඹෙන මහා මැතිවරණය සදහා ශක්තිමත්ව ඉදිරිපත් වීම සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කෙරේ පක්ෂ නායකත්වයේ වෙනසක් කෙරෙහි ද අවධානය යොමු වී ඇත පක්ෂය ආරක්ෂා කරගැනිම සදහා ජනතාවගේ ඉල්ලීම් වලට සවන්දිය යුතු බවද කබීර් හෂිම් මහතා කියයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-29 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,530
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 775
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 745
මරණ සංඛ්‍යාව - 10