රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සහ පොලිසියේ නිලධාරීන් අතර සිදුවූ දුරකථන සංවාදවල තවත් හඩපට කිහිපයක් නිකුත් කෙරේ

Share Button

රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ ආන්දෝලනාත්මක දුරකථන සංවාද ඇතුලත් හඩපට පිලිබද විමර්ශන කටයුතු හෙට ආරම්භ කරන බව රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුව කියයි රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා සතුව තිබී සොයාගත් දුරකථන සංවාද ඇතුලත් සීඩී තැටි සහ පරිගනක ඇතුඵ උපකරණ රජයේ රස පරික්ෂකවරයා වෙත ඉදිරිපත් කර වාර්තාවක් ලබා ගන්නා ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය කොළඹ අපරාධ කොට්ඨාශයට පසුගියදා නියෝග කර තිබේ
අදාල හඩපට සියල්ල ඇතුලත් සීඩී තැටි කොලඹ අපරාධ කොට්ඨාශය විසින් රස පරික්ෂක දෙපාර්තමේන්තුවට භාර දී තිබේ
මේ අතර ආන්දෝලනාත්මක දුරකථන සංවාද කිහිපයක් ඊයේ දිනයේදීද මාධ්‍යට නිකුත් කෙරිණ පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ හිටපු ප්‍රධානියා ඇතුඵ කිහිප දෙනෙකුට සිදුකරන බලපෑම් එම හඩ පටිවලින් තහවුරු වෙයි පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යලංකාර සහ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා අතර සිදුවූ දුරකථන සංවාදයෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු මන්ත්‍රීවරයා රක්ෂිත බන්ධනාගාර ගත කරවීමට බල කරන ආකාරය පැහැලිදි වේ ස්විස්ටර්ලන්තයට පලාගිය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරික්ෂක නිශාන්ත සිල්වා සහ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා අතර සිදුවූ දුරකථන සංවාදයක හඩ පටයක්ද මාධ්‍යට නිකුත් වී ඇත
මේ අතර රන්ජන් රාමනායක මන්ත්‍රිවරයාගේ හඩපට සිද්ධියත් සමග එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ගමන අවසන් වී ඇතැයි විදුලිබල රාජ්‍ය ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසය ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයක් මහනුවර මහයියාව ප්‍රදේශයේ දී විවෘත කිරිමේ අවස්ථාවට එක්වෙමින් හෙතෙම මේ බව කිවේය ඉදිරි මහ මැතිවරණයේදි වත්මන් රජයට තුනෙන් දෙකක ජයග්‍රහණයක් නිසැක වශයෙන් ම ලබාගත හැකි වනු ඇතැයි රාජ්‍ය ඇමතිවරයා කියයි

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහසරත් ෆොන්සේකා චම්පික රණවකඅජිත් පී පෙරේරා යන මහත්වරුන් ඇතුඵ පිරිසක් මෙය පිටුපස සිටින බවට හෙතෙම චෝදනා කළේයමෙම අවස්ථාවට එක් වු මහාමාර්ග සංවර්ධන රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ සදහන් කළේ රට වැටී ඇති ප්‍රපාතයෙන් ගොඩගැනිම සදහා රටේ අනාගතය ගැන සිතා ඉදිරි මහ මැතිවරණයේදි සියලු ජාතීන් බේදයකින් තොරව එකට එක්විය යුතු බවයි පසුගිය කාලයේ විවිධ කටකතා හේතුවෙන් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණට මුස්ලිම් ඡන්ද ක්‍රමවත් අයුරින් නොලැබුණු බව ඔහු කියයි ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ සිට තැන්නෙකුඹුර දක්වා කිලෝමිටර් 5 යි දශම 5 ක දුර ප්‍රමාණයක් උමංගත මාර්ගයක් වශයෙන් ලබාදිමට කැබිනට් අනුමැතිය හිමි වී ඇතැයි හෙතෙම කිය රජය ලබාදුන් පොරොන්දුවකට අනුව කොළඹ මහනුවර අධිවේගි මාර්ගය කඩිනමින් නිම කෙරේ එම සියල්ලේ වැඩ කටයුතු ලබන මස දී ආරම්භ වන බව ලොහාන් රත්වත්ත මහතා සදහන් කළේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-03 | 18:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,710
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 863
නව රෝගීන් සංඛ්‍යාව - 27
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 66
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 836
මරණ සංඛ්‍යාව - 11