රටවල් 7 කට වසර දෙකක කාලයක් එක්සත් ජාතීන්ගේ මහ සම්මේලනය ඇමතීමේ අවස්ථාව අහිමි වෙයි

Share Button

සාමාජික මුදල් නොගෙවීම හේතුවෙන් වසර දෙකක කාලයක් එක්සත් ජාතීන්ගේ මහ සම්මේලනය ඇමතීමේ අවස්ථාව රටවල් 7 කට අහිමි වෙයි. ජගත් සංවිධානය ඊයේ නිකුත් කළ නිවේදනයකට අනුව වෙනිසියුලාව. ගැම්බියාව. යේමනය. ලෙසොතෝ. ලෙබනනය. ටොංගා සහ මධ්‍යම අප්‍රිකානු සමූහාණ්ඩුව සංවිධානයේ සාමාජික මුදල් මෙතෙක් ගෙවා නැත. එක්සත් ජාතීන්ගේ ව්‍යවස්ථාවට අනුව සාමාජික මුදල් නොගෙවන රටවලට මහ සම්මේලනය ඇමතීමේ අවස්ථව අහිමිවන බවද නිවේදනයෙහි දැක්වෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *