සෞඛ්‍ය ක්ෂේත්‍රය නැංවිමට ජර්මන් රජයේ සහයෝගය යටතේ ගෝලිය අරමුදලෙන් යුරෝ මිලියන 20 ක ආධාර

Share Button

ජිනිවා ගෝලිය අරමුදල ජර්මන් රජයේ සහයෝගය ඇතිව යුරෝ මිලියන 20 ක මුදලක් ඉදිරි වසර තුන වෙනුවෙන් ශ්‍රි ලංකාවට ලබාදෙන බව ගෝලිය අරමුදලේ ව්‍යාපෘති අධ්‍යක්ෂ පුබුදු ද සොයිසා මහත්මිය පවසයි. දිවයිනේ සියලු රෝහල් සහ රසායනාගාර නවීන තාක්ෂණයට අනුකුලව ගොඩනැගිමට සහ නවීන ඩිජිටල් එක්ස් කිරණ යන්ත්‍ර 10 ක් ලබාදිමට මෙම මුදල් වැය කරන බව ඇය පැවසුවාය. අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ ගෝලිය අරමුදලේ අධ්‍යක්ෂවරිය අතර පසුගියදා සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති හමුවකදි ඇය මේ බව සඳහන් කළාය. මෙහිදි පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යවරිය පැවසුවේ ගෝලීය අරමුදලෙන් මෙරට සෞඛ්‍ය සේවාව නැංවිමට පිරිනමන මුල්‍යාධාර මුඵමනින්ම සෞඛ්‍ය සේවාවේ අවශ්‍යතා සදහා වැය කළ යුතු බවයි. එම මුදල් නැවත හරවා නොයවා ඵලදායි ව්‍යාපෘති සදහා යෙදවිමට කටයුතු කරන මෙන් සෞඛ්‍ය ලේකම්වරියට අමාත්‍යවරිය උපදෙස් දුන්නාය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *