එක්සත් ජාතික පක්ෂ නායකත්වය සම්බන්ධ ගැටඵවට ලබන බ්‍රහස්පතින්දා වනවිට විසදුම්

Share Button

එක්සත් ජාතික පක්ෂ නායකත්වය සම්බන්ධ ගැටඵවට එළැඹෙන බ්‍රහස්පතින්දා විසදුම් ලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා පවසයි  එම පක්ෂ මුලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව සදහන් කළේය පක්ෂයේ සිටින ඇතැම් අය වෙනත් පක්ෂ නිර්මාණය කිරීමට සුදානම් බව ප්‍රකාශ කරන මුත් එවැනි පක්ෂයක් සදහා දිගු ගමනක් නොමැති බව ඔහු පැවසීය  තනතුරු ලබා ගැනීමේ අරමුණින් පක්ෂය දෙකඩ කිරීමට කටයුතු නොකරන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කර ඇති ප්‍රකාශය එක්සත් ජාතික පක්ෂය විශ්වාස කරන බව ආශු මාරසිංහ මහතා සදහන් කළේය  පක්ෂයට අවශ්‍ය වන්නේ නායකයා කවුද යන්න නොව පැහැදිලි නව වැඩපිළිවෙලකි
මෙම අවස්ථාවට එක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී විජයපාල හෙට්ටිආරච්චි මහතා බදු කප්පාදු කිරීම හේතුවෙන් දිනකට අහිමි වන රුපියල් ලක්ෂ 7000 ක මුදල උපයා ගන්නා ආකාරය සහ සැලැස්ම පැහැදිලි කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියේය  රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හඩපට සිද්ධිය සම්බන්ධයෙන් ඔහු ප්‍රකාශ කළේ ඔහුට පක්ෂයේ අභ්‍යන්තරයෙන් විනය පියවර ගත යුතු නමුත් ඊට පෙර රජය ඔහුව වැරදිකරුවෙකු කිරීම මුලික වශයෙන් සිදු විය යුතු බවයිඩ්

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *