මෙරට විශාලතම තෙල් පිරිපහදුව ඉදිකිරීමේ කටයුතු ලබන වසරේ දී

Share Button

මෙරට විශාලතම තෙල් පිරිපහදුව ඉදිකිරීමේ කටයුතු ලබන වසරේ දී ආරම්භ කිරීමට රජය තීරණය කර ඇතැයි ඇමති මහින්ද අමරවීර මහතා පවසයි  දැනට මෙරට පිරිපහදු කෙරෙන්නේ රටේ සමස්ත ඉන්ධණ අවශ්‍යතාවයෙන් සියයට 30 ක පමණ ප්‍රමාණයකි  පිරිපහදු කරන ලද ඉතිරි ප්‍රමාණය ආනයනය කෙරේඩ්මේ  සදහා වාර්ෂිකව විශාල මුදලක් වැය කිරීමට සිදු වන බව ඇමතිවරයා සදහන් කරයි  ඇමති මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවේ මුලන දික්වල පාලමේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමිනිඩ්  රුපියල් මිලියන 110 ක් වැය කර ඉදිකෙරෙන මෙම පාලම මගින් ප්‍රදේශයේ පවුල් සිය ගණනකට සෙත සැලසේ වැඩිදුරටත් අදහස් දැක්වු ඇමතිවරයා සපුගස්කන්ද හා හම්බන්තොට ඉන්ධන පිරිපහදුවලට අමතරව තවත් විශාල මට්ටමේ ඉන්ධන පිරිපහදුවක අවශ්‍යතාව මේ අනුව සම්පුර්ණ වන බව පැවසීය  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග පසුගිය සතියේ පැවැත්වු සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස එම තීරණයට එළැඹි බව හෙතෙම කීවේය  සිදු කර ඇති ගවේෂණවලට අනුව ස්වභාවික වායු නිධිය මන්නාරම ප්‍රදේශයේ පවතින බවට තහවුරු වී ඇත  එම ස්වභාවික ගෑස් නිධියේ කැණීම් කඩිනමින් ආරම්භ කිරීමට රජයේ අවධානය යොමුවී තිබෙ  ඉරාන-ඇමරිකා ගැටුම හේතුවෙන් ඉන්ධන හිගයක් ඇති වෙතැයි ඇතැමුන් විමසන බවත් රට තුල අවශ්‍ය තරම් ඉන්ධන සංචිත පවතින බැවින් ඒ පිළිබද බියක් ඇති කර ගත යුතු නැතැයි ඇමතිවරයා කීවේය  අලුතින් විදුලි බලාගාර 2 ක් මේ වසර අවසන් වනවිට ඉදිකිරීම ඉලක්කය බවත්   විදුලිබල මණ්ඩලය ලාභ ලබන තත්ත්වයට ගෙන ඒමට අවශ්‍ය සැලසුම් ක්‍රියාත්මක කරන බවත් ඔහු පැවසීය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-25 | 19:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,182
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 477
නව රෝගීන් සංඛ්‍යාව - 41
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 79
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 695
මරණ සංඛ්‍යාව - 10