මාර්තු පළමුවැනිදාට පෙර කිසිදු භේදයකින් තොරව සියලු උපාධිධාරීන්ට රැකියා අවස්ථා

Share Button

මාර්තු මස පළමුවැනිදාට පෙර කිසිදු භේදයකින් තොරව රැකියා විරහිත උපාධිධාරීන් සියලු දෙනාට රැකියා අවස්ථා ලබා දෙන බව ඇමති ඩලස් අලහප්පෙරුම මහතා පවසයි ජනාධිපතිතුමාගේ සෞභ්‍යාග්‍යයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව එම වැඩපිළිවෙල ක්‍රියාවට නැංවේ  ප්‍රතිපත්තිමය වශයෙන් එම තීන්දුව ගැනීම සදහා ඉදිරි කැබිනට් රැස්වීමට එම යෝජනාව ඉදිරිපත් කරන බව කොළඹ අද පැවති මාධ්‍ය හමුවක දී හෙතෙම පැවසීය  මෙම වැඩපිළිවෙල යටතේ උපාධිධාරීන්ට විශේෂ පුහුණුවක් ලබාදීමට ද රජයේ අවධානය යොමුවී ඇත  ජනාධිපතිතුමාගේ විශේෂ අධීක්ෂණයකට අනුව ආදායම් බදු දෙපාර්තමේන්තුවට උපාධිධාරීන් 117 දෙනෙකුගේ අවශ්‍යතාව පවතී එහෙත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සංවර්ධන නිලධාරීන් ලෙස බඳවා ගත් උපාධිධාරීන්ගේ අතිරික්තයක් ඇත  ප්‍රමාණාත්මක ලෙස රැකියා ලබාදීම වෙනුවට උපාධිය සහ නිපුණතාව සැලකිල්ලට ගෙන උපාධිධාරීන් අවශ්‍ය ක්‍ෂේත්‍රවලට යොමු කිරීම කෙරෙහි ජනාධිපතිතුමාගේ සෘජු අවධානය යොමුවී ඇතැයි අලහප්පෙරුම මහතා පැවසීය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-25 | 19:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,182
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 477
නව රෝගීන් සංඛ්‍යාව - 41
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 79
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 695
මරණ සංඛ්‍යාව - 10