එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ නායකත්වය විපක්ෂ නායකවරයාට හිමි නොවන්නේනම් එම සන්ධානයෙන් තරග නොවදින බව මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා කියයි

Share Button

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය කවුරුන්ට හිමි වූවද එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ නායකත්වය සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාට හිමිවිය යුතු බව මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා පවසයි. එම සන්ධානයේ නායකත්වය වෙනත් අයකුට හිමිවන්නේනම් තමා එම සන්ධානයෙන් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බවද මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා පවසයි. මේ වන විට ජනප්‍රියම නායකයා සජිත් ප්‍රේමදාස බව මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා කියයි.
මේ අතර එක්සත් ජාතික පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් පක්ෂය තුල අර්බුද රැසක් මතුව ඇත. තම පක්ෂයේ තීරණ ගැනීමට නායකත්ව මණ්ඩලයක් පත්කිරිමට උත්සහ කළහොත් ඊට ඉඩලබාදෙන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂණ රාජකරුණා මහතා පවසයි. වත්මන් නායකයින් කළ යුත්තේ සජිත් ප්‍රේමදාස මහතාට පක්ෂ නායකත්වය ලබාදිම බව විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු කිවේය. පක්ෂයේ බහුතරයකගේ අපේක්ෂාව එය බව ඔහු කියා සිටි. පක්ෂයේ සියලුදෙනා එක්වී ඉදිරි ගමන යා යුතුය. ලබන බ්‍රහස්පතින්දා ගන්නා තින්දුව තීරණාත්මක බව ද ඔහු කියා සිටි.
එක්සත් ජාතික පක්ෂ නායකත්වය සම්බන්ධ ගැටඵවට එළැඹෙන බ්‍රහස්පතින්දා විසදුම් ලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා පවසයි. එම පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව සදහන් කළේය. පක්ෂයේ සිටින ඇතැම් අය වෙනත් පක්ෂ නිර්මාණය කිරීමට සුදානම් බව ප්‍රකාශ කරන මුත් එවැනි පක්ෂයක් සදහා දිගු ගමනක් නොමැති බව ඔහු කියයි. තනතුරු ලබා ගැනීමේ අරමුණින් පක්ෂය දෙකඩ කිරීමට කටයුතු නොකරන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කර ඇති ප්‍රකාශය එක්සත් ජාතික පක්ෂය විශ්වාස කරන බව ආශු මාරසිංහ මහතා සදහන් කළේය. පක්ෂයට අවශ්‍ය වන්නේ නායකයා කවුද යන්න නොව පැහැදිලි නව වැඩපිළිවෙලකි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *