රස පරික්ෂක වාර්තාවෙන් පසු රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හඩ පට සම්බන්ධයෙන් නීතිමය පියවර

Share Button

රස පරික්ෂක වාර්තාව ලැබුණූ පසු රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හඩ පට සම්බන්ධයෙන් ඉදිරි නිතිමය පියවර ගන්නා බව කොළඹ අපරාධ කොට්ඨාශය පවසයි. රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ නිවසේ තිබී අත්අඩංගුවට ගත් සංයුක්ත තැටි හා දෘඩ තැටි මේ වන විට රස පරික්ෂක දෙපාර්තමේන්තුවට යොමු කර ඇත.
මේ අතර මහනුවර අධිකරණයේ තෝල්ක ධූරය දරන පුද්ගලයා අමතා රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා ඔහුගේ නඩු කටයුත්තක් කල් දමා ගැනීමට උත්සාහ දරන ආකාරය ඇතුලත් හඩ පටයක් ඊයේ දිනයේදී මාධ්‍යට නිකුත් කෙරින.
මේ අතර බුදු දහමට සහ කිතුණු දහමට අගෞරව වන ආකාරයේ හඩ පටයක්ද නිකුත් කෙරිණ. බුදුන් වහන්සේට . යශෝධරා දේවියට සහ මරියතුමියටද අපසාහ වන ආකාරයේ ප්‍රකාශ එම හඩපටයේ ඇතුලත් වේ. ඒ සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් සිදු කරන්නැයි පුජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක ස්වාමීන් වහන්සේ රජයෙන් ඉල්ලීමක්ද කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *