අඩු ආදායම්ලාභි ජනතාවට ජනපති උපදෙසින් කඩිනම් සහන රැසක්

Share Button

අඩු ආදායම්ලාභි ජනතාවට අඩු මිලට අත්‍යවශ්‍ය ආහාර සැපයිමේ ජාතික වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරිමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තීරණය කරයි  ඒ යටතේ සෑම හිමිකම් ලාභියෙකුටම ආහාර මිලදි ගැනිමට විශේෂ ඉලෙක්ට්‍රොනික කාඩ්පතක් නිකුත් කෙරේ  සමෘද්ධිලාභින්   සමෘද්ධි හිමිකම් නොලබන පුද්ගලයන්  ස්ථිර රැකියාවක් නැති වැවිලි ක්ෂේත්‍රයේ කම්කරුවන්  රැකියා නොමැති පවුල්වල ආබාධ සහිත පුද්ගලයන්  වැන්දඹු පවුල්   ස්ථිර ආදායමක් නැති වැඩිහිටියන් හා බරපතල රෝගාබාධ වලින් පෙළෙන්නන් සිටින පවුල් ඒ සදහා හිමිකම් ලබති  ඔවුන්ගේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරිම වැඩසටහනේ අරමුණයි  සීනි තෙ හාල්  පිටි  පරිප්පු  කඩල   ඵෑණු   මිරිස්   අල  කිරිපිටි ඇතුඵ පාරිභෝගික භාණ්ඩ සහන මිලට ලබාදිමට අපේක්ෂා කෙරේ  ලංකා සතොස   සමුපකාර වෙළෙඳ ජාලය හා ග්‍රාමිය ප්‍රදේශ වලින් තෝරා ගත් බලයලත් වෙළෙඳසල් මගින් ආහාර ද්‍රව්‍ය පහසුවෙන් මිලදි ගැනිමට අවස්ථාව ස ැලසේ තෝරාගන්නා පහසුකම් අඩු ග්‍රාමිය වෙළෙඳසල් වලට සහන ක්‍රමයක් යටතේ ශිතකරණ ඇතුඵ උපකරණ ලබාගැනිමට ද පහසුකම් සලසනු ඇතඩ්  අදාල වෙළෙඳසල් ජනාකිර්ණ ප්‍රදේශවල ද අඩු ආදායම්ලාභි නිවාස සංකිර්ණ  ග්‍රාමිය පළාත් වල හා වැවිලි ක්ෂේත්‍රය ආවරණය වන පරිදි පිහිටුවිම කෙරෙහි අවධානය යොමු වී තිබේ බලයලත් වෙළෙඳසල් තෝරාගැනිමේදි කාන්තා ව්‍යවසායකයන්ට ප්‍රමුඛත්වය හිමි වේ  මෙම වැඩපිළිවෙල මගින් කුඩා පරිමාණ ව්‍යාපාරිකයන් හා නිෂ්පාදකයන් ට ආධාර කිරිම ජනාධිපතිතුමාගේ අපේක්ෂාවයි දේශිය නිෂ්පාදකයන්ට ප්‍රමුඛත්වය දෙමින් ඔවුන් නිපදවන ඇසුරුම් කළ ආහාර  කුඵබඩු  මස්   මාඵ   බිත්තර හා සෙසු ගෘහ අවශ්‍යතා අතරමැදියන්ගෙන් තොරව සෘජුවම අදාල ව්‍යාපාරිකයන්ට ලබාදිමට මෙම ව්‍යාපෘතියෙන් පහසුකම් සැලසේ  වැඩසටහනට සමගාමිව ග්‍රාමිය වතු හා නාගරික ප්‍රදේශවල ගෘහ ඒකක එක්ලක්ෂ පනස්දහසක් සදහා පානිය ජලය ලබාදිමටත් ග්‍රාමිය මාර්ග කිලෝමිටර් ලක්ෂයක් සංවර්ධනය කිරිමටත් අපේක්ෂා කෙරේ  දිළිදු හා අඩු ආදායම්ලාභින් ලෙස හදුනාගන්නා පුද්ගලයන්ට ඉඩම් අමාත්‍යංශය ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම හා බිම් සවිය සමග සම්බන්ධිකරණයෙන් කෘෂිකර්ම ව්‍යාපාර සංවර්ධනය හා නිවාස ව්‍යාපෘති වෙනුවෙන් තිස් අවුරුදු බදු පදනම යටතේ ඉඩම් කැබලි ලක්ෂයක් ලබාදිමට ද ජනාධීපතිතුමා තීරණය කර තිබේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *