වී ගොවියාට වී සදහා හොඳ මිලක්
මහබැංකු බැඳුම්කර සිදුවීම සහ පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳව පරික්ෂණ සිදු කෙරෙමින් පවතින බව රාජ්‍ය අමාත්‍ය එස් බී දිසානායක මහතා පවසයි. අදාල සිදුවීමවලට වගකිව යුත්තන් හදුනාගෙන ඔවුනට එරෙහිව පොලිසිය . අධිකරණය සහ නීතිපති දෙපාර්තමේන්තුව නීත්‍යනුකුල ක්‍රියාමාර්ග ගනු ඇතැයි හෙතෙම සදහන් කරයි. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එස් බී දිසානායක මහතා සදහන් කළේ රජය ජනතාවට දුන් පොරොන්දු වේගයෙන් ඉටු කරමින් සිටින බවයි. 2015 වසරේ දී යහපාලන රජය රට භාර ගත්තේ ශ්රිිී ලංකාව දකුණු ආසියාවේ වේගයෙන්ම දියුණු වන රට වශයෙන් පැවති අවස්ථාවේදීය. එහෙත් නැවත වත්මන් රජයට භාර ගැනීමට සිදු වුයේ පරිහානියට පත්වු ආර්ථිකයක් බව දිසානායක මහතා සදහන් කළේය. වී ගොවියාට වී සදහා හොඳ මිලක් ලබාදී තිබේ. වී අලෙවි මණ්ඩලය හා සමුපකාර අකර්මන්‍ය වී ඇති හෙයින් එකවර වී මිලදී ගැනීමේ අපහසුකම් පවතී. ඒ සදහා කඩිනම් විසදුම් ලබාදීමට කටයුතු කරන බවද දිසානායක මහතා කියා සිටියේය.