ඉදිරි සති කිහිපයේදි එළවඵ මිල ගණන් විශාල ලෙස අඩුවන ලකුණු

Share Button

යාපනය සහ වියළි කලාපයෙන් වැඩි එළවඵ ප්‍රමාණයක් ලැබීමත් සමග එළවඵ මිල ගණන් දැන් අඩුවෙමින් පවතින බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය සහ මැනිං වෙළෙඳපල වෙලෙඳ සංගම් පවසයි. මීට පෙර දිනකට යාපනයෙන් සහ වියලි කලාපයෙන් ලැබුණේ එළවඵ් කිලෝ ලක්ෂ 03 ත් 04 ත් අතර ප්‍රමාණයකි. එහෙත් එය ඊයේ සිට කිලෝ ලක්ෂ 10 දක්වා වැඩි වී තිබෙන බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ සභාපති ශාන් ඒකනායක මහතා පවසයි. එළවඵ සුලභ වු අවස්ථාවල එම ආර්ථික මධ්‍යස්ථානයට දිනකට කිලෝ ලක්ෂ 35 ත් 40 ත් අතර එළවඵ තොග ලැබේ. ලබන මස අග වනවිට එම තත්ත්වය දැකගත හැකිය. වම්බටු. මාඵ මිරිස් තලන බටු. බෝංචි කැකිරි වට්ටක්කා සහ බීට් මිල ගණන් දැන් විශාල ලෙස අඩු වී ඇත. කල්පිටිය පුත්තලම යාපනය ප්‍රදේශවල වගා කර ඇති රතුඵෑනු නිෂ්පාදනයද ලබන මාසයේ සිට වෙළෙඳපලට ලැබෙනු ඇතැයි ඔහු පැවසිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *