පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ලබාදුන් අසාද් සාලීට ජනාධිපති කොමිෂමෙන් දැඩි අවවාද

Share Button

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ලබාදුන් අසාද් සාලී මහතාට ජනාධිපති කොමිසම දැඩිලෙස අවවාද කරයි  ඔහු සාක්ෂි ලබා දීමේදී ආවේගශිලි ලෙස හැසිරීම සම්බන්ධයෙන්ද චෝදනා එල්ල වී ඇත  පාස්කු ප්‍රහාරය පිලිබද ජනාධිපති කොමිසමේ නියෝග පිළි නොගන්නේනම් දඩුවම් ලබාදීමට කටයුතු කරන බව එහි සභාපති අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා එම අවස්ථාවේදී ප්‍රකාශ කර ඇත අසාද් සාලී මහතා එම කොමිසම හමුවේ පවසා ඇත්තේ පාස්කු ප්‍රහාරය පිලිබද මීට පෙර විමර්ශනය කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට තමා ලබාදුන් සාක්ෂි වැරදි ඒවා බවයි පාස්කු ප්‍රහාරය සිදුවීමට සතියකට පෙර තමාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ලේඛන සහිතව ප්‍රහාරය පිලිබද තමාට තොරතුරු ලබාදුන් බවද අසාද් සාලි මහතා කියයි සාක්ෂි ලබාදෙන අවස්ථාවේ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනිතිඥ සුහර්ශී හේරත් මහත්මියට අසාද් සාලි මහතා නුසුදුසු ආකාරයෙන් ආමන්ත්‍රණය කර තිබේ ඒ සම්බන්ධයෙන්ද අධිනිතිඥවරිය ඔහුට දැඩිලෙස අවවාද කර ඇතැයිද වාර්තාවේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11