තුර්කියට ප්‍රබල භූමි කම්පාවක්

Share Button

තුර්කියේ අද අලුයම ඇති වූ දරුණු භූමි කම්පාවක් හේතුවේන මේ වනවිට මරණ 14 ක් වාර්තා වී තිබෙ රිච්ටර් ඒකක හයයි දශම අටක් වූ මෙම භූමි කම්පාව නිසා ගොඩනැගිලි රාශියක් විනාශ වී තිබෙ අසල්වැසි සිරියාව ලෙබනනය සහ ඉරානයට ද එහි ප්‍රබලත්වය දැනී ඇත පසු කම්පන රැසක් ද වාර්තා වී තිබෙ මේ අතර ජර්මනියේ සිදු වූ වෙඩි තැබිමකින් එකම පවුලේ හයදෙනෙක් මිය ගියහ වෙඩි තැබු 26 හැවිරිදි පුද්ගලයාගේ දෙමාපියන් ද ඒ අතර සිටින බව වාර්තා වේ
—–
පසුගියදා ඉරානය ඉරාකයේ අමෙරිකානු හමුදා කදවුරකට එල්ල කළ ප්‍රහාරයෙන් අමෙරිකානු භටයින් 34 දෙනෙකුගේ මොළයේ දරුණු ආබාධ සිදු වී ඇතැයි පෙන්ටගන් වාර්තා සදහන් කරයි තවත් 17 දෙනෙකු ප්‍රතිකාර ලබා සුව අතට පත්වී තිබෙ කෙසේවුවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඉකුත්දා සදහන් කළේ මෙම ප්‍රහාර මගින් අමෙරිකානු භටයින් කිසිවෙකුටත් බරපතල හානි සිදු නොවූ බවයි අදාල ප්‍රහාරයෙන් කදවුරේ බංකර් රැසක්ම විනාශයට පත් වී ඇති බව දැන් හෙලි වී ඇත

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *