චීනයේ වෙසෙන ශ්‍රි ලාංකීක සිසුන් දිවයිනට පැමිණීම ඇරඹෙයි

Share Button

චීනයේ සිටින ශ්‍රි ලාංකීක සිසුන් දිවයිනට පැමිණීම ආරම්භවී තිබේ  සිසුන් 21 දෙනෙකු ටියැංජින් සිට අද දහවල් ශ්‍රි ලංකාව බලා පිටත්වු බව ශ්‍රි ලංකාවේ චින තානාපති කාර්යාලය සඳහන් කරයි  සිසුන් දිවයිනට ගෙන්වා ගැනිම ජනාධිපති කාර්යාලය  විදේශ සබඳතා අමාත්‍යාංශය  සෞඛ්‍ය අමාත්‍යාංශය  චීනයේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලය හා ශ්‍රි ලන්කන් ගුවන් සේවය එක්ව අඛණ්ඩව සිදුකරයි  සිචුආන් ඇතුඑ විවිධ ප්‍රදේශවල සිට බස්රථ මගින් සිසුන් ගුවන් තොටුපල දක්වා රැගෙන ඒම සිදුවෙයි නැනින්හී සිසූහු තිස්දෙනාද මෙම පිරිසට එක්කර ගැනෙති  වූහාන් නගරයට ඇතුඑ වීම සහ පිටවිමට පනවා ඇති තහනම මෙතෙක් ඉවත්කර නැති අතර එහි සිටින සිසුන් රැගෙන ඒම පිළිබඳව චීන රජය සමග සාකච්ඡා කෙරෙමින් පවතී  ශ්‍රි ලන්කන් ගුවන් සේවය සිසුන්ට ගුවන් ටිකට් පතක් සඳහා සිසුන්ට සියයට 50 ක වට්ටමක් ලබාදෙයි  හදිසි ඇමතුම් අංක ඔස්සේ ශ්‍රි ලන්කන් ගුවන් සේවය හා සම්බන්ධ වීමෙන් එම පහසුකම කඩිනමින් ලබාගත හැකිය ක්‍රෙඩිට් කාඩ්පත් මගින් ගෙවීම් කිරිමේදි තුන්වැනි පාර්ශවයක කාඩ් පතක් භාවිත කිරීමට ද අවස්ථාව සලසා ඇත  සිසුන් පිළිබඳ සියලු දත්ත මේ වන විට රැස්කර අවසන්ය  ජනාධිපතිතුමාගේ උපදෙස් පරිස් සෞඛ්‍ය අමාත්‍යාංශය ක්ෂේත්‍රයේ විශේෂඥයන්ගෙන් සැදුම්ලත් කාර්යය සාධක බලකායක් ද පත්කර ඇත සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුව අද රැස්විමට නියමිතයි  එහිදී ඉදිරි පියවර පිළිබඳ තීරණ රැසකට එළඹෙනු ඇත
රජය උද්ගතව ඇති තත්ත්වයට මුහුණ දිමට අවශ්‍ය සියලු පියවර ගෙන තිබේ  සිසුන් සමග නිරන්තරයෙන් තොරතුරු හුවමාරු කරගැනේ  දැනට ලංකාවට පැමිණ සිටින සිසුන් නිරන්තරයෙන් පරික්ෂාවන්ට යොමු වන ලෙසත් විටින් විට ශරීර උෂ්ණත්වය නිරීක්ෂණය කරමින් අවධානයෙන් සිටින ලෙසත් උපදෙස් දෙනු ලැබේ  වෛරසය ආසාධිත අයෙකුගේ රෝග තත්ත්වයන් මතුවීමට දින 20 ක කාලයක් ගතවන බව සොයාගෙන ඇත  එම කාලය අවසන් වන තුරු මුඛ ආවරණ පළදින ලෙස දිවයිනට පැමිණ සිටින සියලු සිසුන්ගෙන් ඉල්ලීමක් කෙරේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11