රියදුරු බලපත්‍ර විභාගයට නව ක්‍රමවේදයක්

Share Button

වසර 5 ක් අඛණ්ඩව ආදායම් බලපත්‍ර ලබා නොගත් වාහන වල ලියාපදිංචිය ඉවත් කිරීමට පියවර ගන්නා බව , ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. වාහන ලියාපදිංචිය සම්බන්ධයෙන් පවතින විවිධ අක්‍රමිකතා පිටු දැකීම එහි අරමුණ වී ඇත. අමාත්‍යතුමා මේ අදහස් ප්‍රකාෂ කලේ රියදුරු බලපත්‍ර ලබා ගැනීමේ දි පැවැත්වෙන ලිඛිත පරීක්ෂණය සඳහා නව පරිඝණක ක්‍රමවේදයක් හඳුන්වා දීමේ අවස්ථාවට එක් වෙමිනි. එලෙස හඳුන්වා දුන් නව ක්‍රමවේදය යටතේ රියදුරු බලපත්‍ර අයදුම්කරුවන්ට පරිඝණක ස්පර්ශ තිර භාවිතයෙන් පිළිතුරු සැපයිය හැක. මේ විභාගය සඳහා දිනකට පෙනී සිටින සමස්ථ අයදුම්කරුවන් සංඛ්‍යාව (3000) තුන්දහසකට ආසන්න බවයි, මෝටර් රථ දෙපාර්තමේන්තුවේ බලධාරීන් පවසන්නේ. මේ ක්‍රමවේදයේ ප්‍රථම අදියර යටතේ රුපියල් මිලියන 39 ක් වියදම් කර පරිඝණක තිර 143 ක් සවිකර ඇත.

මෙහිදී පිලිතුර නැවත පරීක්ෂා කිරීමට හා සංශෝධනය කිරීමට අවස්ථාව අයදුම්කරුට හිමි වේ. මෙහි විශේෂත්වය නම් , විභාගයේ ප්‍රථිපල එම මොහොතේ දීම තිරය මත දිස්වීමයි. අසමත් වන පුද්ගලයන්ට  පරීක්ෂණය සඳහා යළි දිනයක් එවෙලේම නියම කෙරයි. එමෙන්ම අපේක්ෂකයා ලද ලකුණු කිසිවිටෙක වෙනස් කළ නොහැකි වන අතර , ඒවා යලි විමර්ශනය ද කළ හැක. ලබන වසරේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්ථමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාල 24 සඳහාම මෙම පහසුකම් ලබා දීමට තීරණය කර ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *