ශ්‍රි ලංකා තායිලන්ත අගමැතිවරු හමුවෙති

Share Button

දෙදින නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණ සිටින තායිලන්ත අගමැති ජනරාල් ප්‍රේයුට් චාන් ඕ චා මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවෙයි. අරලියගහ මන්දිරයේදි අද පෙරවරුවේ එම හමුව සිදුවිය. තායිලන්ත අගමැතිවරයා වෙනුවෙන් කොළඹ ජනාධිපති කාර්යාලයේදි ඊයේ පස්වරුවේ නිල පිළිගැනිමේ උත්සවයක් සංවිධාන කර තිබිණි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා එහිදි උණුසුම් අන්දමින් තායි අගමැතිවරයා පිළිගත්තේය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග පවත්වන සාකච්ඡාවෙන් පසුව මහනුවර බලා යන තායි අගමැතිවරයා දළදා සමිඳුන් වැඳ පුදා ගැනිමට නියමිතයි ඉන් අනතුරුව ඔහු අස්ගිරි මල්වතු මහානායක ස්වාමින් වහන්සේද බැහැ දකි. පේරාදෙණිය ජාතික උද්භිද උද්‍යානය හා ගන්නොරුව කෘෂිකර්ම ආයතනය නැරඹිමටද ඔහු යනු ඇත .

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *