මාධ්‍ය සංස්කෘතියේ ගුණාත්මකභාවය ඉහළ නැංවිය යුතු යැයි රාජ්‍ය මාධ්‍ය ප්‍රධානිහු පවසති

Share Button

මාධ්‍ය සංස්කෘතියේ ගුණාත්මක භාවය ඉහළ නැංවිය යුතු යැයි රාජ්‍ය මාධ්‍ය ප්‍රධානිහු අවධාරණය කරති  එමගින් අලුත් මාධ්‍ය සංස්කෘතියක් ගොඩනැගිය හැකි බව ජාතික ගුවන්විදුලියේ සුභාරති සංවාද මණ්ඩපය වෙත අද එක්වෙමින් ඔව්හු පෙන්වා දුන්හ වැඩසටහනට එක්වෙමින් ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ මහතා පැවසුවේ ජනතාවට අවශ්‍ය තොරතුරු සහ දැනුම ලබාදිම මූලික අරමුණ කර ගනිමින් කටයුතු කරන බවයි  රට වෙනසකට බදුන් වෙමින් පවතින බැවින් එම වැඩපිලිවෙල සමාජගත කිරිමට දායකත්වය ලබාදෙන බව ඔහු සදහන් කළේය  ජාතින් අතර සංහිදියාව ගොඩනැගිමට රාජ්‍ය මාධ්‍ය වලට ප්‍රමුඛ වගකීමක් ඇතැයි එම වැඩසටහනට එක්වු රූපවාහිනි සංස්ථාවේ සභාපති වෛද්‍ය නිහාල් ජයතිලක මහතා පැවසිය තරුණ පරපුරට මාධ්‍ය ක්ෂේත්‍රයට ප්‍රවිශිෂ්ඨවීමේ විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවන බව ඔහු සදහන් කළේය  වැඩසටහනට එක් වු ස්වාධින රූපවාහිනි ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි සරත් කුමාර පෙරේරා මහතා පැවසුවේ රසික ඉල්ලුම හදුනාගෙන මාධ්‍ය මෙහෙයවිම සිදුකළ යුතු බවයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11