නව කොරෝනා වෛරසය හේතුවෙන් රෝහල් අවට ජනතාවට කිසිඳු විශේෂ අවධානමක් නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයි

Share Button

නව කොරෝනා වෛරසය ආසාධනය වු චීන ජාතික කාන්තාව සුවය ලබමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඇය හැරෙන්නට මෙම වෛරසය ආසාධනය වු බවට සනාථ වු වෙනත් කිසිවෙකු මේ දක්වා ශ්‍රි ලංකාවෙන් වාර්තා වී නැත. මෙම තත්ත්වය යටතේ රෝහල් අවට සිටින ජනතාවට කිසිඳු විශේෂ අවධානමක් නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය අවධාරණය කරයි. කොරෝනා වෛරසය බෝවිය හැක්කේ සමීපයේ සිටින ආසාධිත පුද්ගලයෙකු කථාකරන විට හෝ කිවිසුම් යවන විට පිටවන සියුම් බිඳිතිවලින් පමණක් බව ඇය පෙන්වා දෙයි. සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ එහි වසංගත රෝග විද්‍යා අංශය හෝ ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ ශ්‍රි ලංකාවේ සාමාන්‍ය ජනතාව මුව ආවරණ පැළදිය යුතු බවට නිර්දේශ කර නැත. රෝගීන් හෝ වෛරසය ආසාධනය වු බවට සැක කරන පුද්ගලයන් සමීපව ඇසුරකරන අය පමණක් ඒවා පැලදවීම ප්‍රමානවත් බව වෛද්‍ය පලිහවඩන මහත්මිය කියා සිටි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-31 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,620
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 829
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 55
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 781
මරණ සංඛ්‍යාව - 10