කොරෝනා වයිරසය සම්බන්ධයෙන් ජාතික බෝවන රෝග විද්‍යායතනය මගින් කෙරෙන ප්‍රතිකාරවලට අමතරව සියලු සේවා ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යංශය අවධාරණය කරය

Share Button

ජාතික බෝවන රෝග විද්‍යායතනයේ සිදුවන කොරෝනා වයිරසය ආසාදිත බවට සැක කෙරෙන රෝගීන්ගේ ප්‍රතිකාර සේවාවලට අමතරව රෝහලේ බාහිර රෝගී අංශය ඇතුඵ සියලු අංශවල ප්‍රතිකාර සේවා සාමාන්‍ය පරිදි සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යංශය දන්වා සිටී කොරෝනා වයිරසය ආසාදිත බවට සැක කෙරෙන රෝගීන් 71 දෙනෙකු ජාතික බෝවන රෝග විද්‍යායතනයට සතියක් තුල පැමිණ ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි කෙසේ වෙතත් ඒ අතරින් එක් පුද්ගලයෙකුට පමණක් වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු කර ගත් අතර එම චීන කාන්තාව සුව අතට පත්වීම විශේෂඥ වෛද්‍යවරුන්ගේ ජයග්‍රහණයක් බව සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දෙයිසැක කටයුතු රෝගීන්ට ප්‍රතිකාර කරන ඒකකයේ රෝගීන් 9 දෙනෙකු ප්‍රතිකාර ලබන අතර ඩ්€~ අදාල චීන කාන්තාව සමග ශ්‍රිී ලාංකිකයෝ 5 දෙනෙක් සහ විදෙස් ජාතිකයෝ ඒ අතර වෙති ඒ සදහා ප්‍රතිකාරවලට අවශ්‍ය ඖෂධ ඇතුඵ සියලු සේවා සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ලබා දෙනු ලැබේ
මේ අතර කොරෝනා වයිරසය ශ්‍රීී ලංකාවට ඇතුඵ වීම හා එහි පැතිරීම වලක්වා ගැනිමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පුර්ණ දායකත්වය ලබාදී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 2200 ක් මේ සදහා පුර්ණකාලිනව සේවයේ යෙදී සිටිති කටුනායක ගුවන් තොටුපලේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරු 12 දෙනෙක් සේවය කරන අතර දිවයිනට පැමිණෙන විදේශිකයින් පිළිබඳ සිදු කරන පරීක්ෂණවලට ඔවුහු සහාය ලබා දෙති හෝටල් ඇතුඵ සංචාරකයින් වැඩි වශයෙන් ගැවසෙන ස්ථාන පිළිබඳ මෙහිදී ඔවුහු වැඩි අවධානයක් යොමු කර ඒ පිළිබද සෞඛ්‍ය බලධාරින්ට දැනුම් දෙති මීට අමතරව බෝට්ටු සහ නැව් මගින් පැමිණෙන පුද්ගලයින් කෙරෙහි ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සිය අවධානය යොමු කර ක්‍රියා කරති

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *