උපාධිධාරීන් ව්‍යවසායකයන් බවට පත් කරන “ඇරඹුම”

Share Button

නවක උපාධිධාරීන් ව්‍යාපාරික ක්ෂේත්‍රයට යොමු කිරීම අරමුණු කරගනිමින් “එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ  “ඇරඹුම” සහන පොලී ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කර තිබේ.

රාජ්‍ය විශ්වවිද්‍යාල තුළින් උපාධිය සම්පූර්ණ කරන උපාධිධාරීන් රජයේ රැකියා බලාපොරොත්තුවීමෙන් රජය අපහසුතාවට පත්වේ. ඔවුන්ගේ ඉල්ලීම් ඉටු කිරීමට විවිධ රජයන් කටයුතු කළ හෙයින් අනවශ්‍ය ලෙස රාජ්‍ය අංශය පුළුල් වී එහි ඵලදායිතාවය පහත වැටී තිබේ. එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් නවක උපාධිධාරීන් ව්‍යාපාරික ක්ෂේත්‍රයට යොමු කරවීම රජයේ අපේක්ෂාවයි.

“ඇරඹුම” ණය යෝජනා ක්‍රමය අපනයන සංවර්ධන මණ්ඩලය මඟින් ක්‍රියාත්මකය.

පිළිගත් විශ්වවිද්‍යාලයකින් සිය උපාධිය සම්පූර්ණ කළ වයස අවුරුදු 35 ට වඩා අඩු උපාධිධාරීන්ට “ඇරඹුම” ණය යෝජනා ක්‍රමයෙන් ප්‍රතිලාභ හිමිවේ.

බැංකු ණයක් ලබාගැනීමේදී නවක උපාධිධාරීන් මුහුණදෙන ප්‍රධාන අභියෝගය වන්නේ බැංකුව ඉල්ලුම් කරන ප්‍රමාණයට ඇප සුරැකුම් සොයාගැනීමයි. ඊට පිළියමක් “ඇරඹුම” ණය ලබාගන්නා උපාධිධාරීන් සඳහා රජයෙන් ඇප ආවරණයක් ලබා දෙයි. ඒ අනුව මූල්‍ය ප්‍රවාහය මත පදනම්ව බැංකු මඟින් ණය ලබා දිය යුතුය.

එක් උපාධිධාරියෙකුට ලබාගත හැකි උපරිම ණය මුදල රුපියල් මිලියන 1.5 කි. පොලී රහිත මෙම ණය මුදල ගෙවීම සඳහා වසර 7 ක කාලයක් ගතවේ. එනම් 12% ක සම්ප්‍රදායික පොලී අනුපාතය බැංකුව වෙත රජය ගෙවනු ඇත.

“ඇරඹුම” ණය යෝජනා ක්‍රමය යටතේ ලබාගන්නා ණය සඳහා පොලී සහනාධාර ගෙවීමට රුපියල් මිලියන 25 ක් 2018 වසර සඳහා රජය වෙන්කර තිබේ.

ඉදිරියේදී මහජන හා ලංකා බැංකු මඟින් නවක උපාධිධාරීන්ට “ඇරඹුම” ණය ලබාගත හැකිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *