මිල සුත්‍රය මගින් තෙල් මිල අඩුවන විට එහි වාසිය ජනතාවට ලැබෙන බව මුදල් ඇමති කියයි

Share Button

ආසියාවේ වඩාත් ප්‍රගතිශිලි බදු පනත ශ්‍රි ලංකාවේ ක්‍රියාත්මක වේ. එහි ඇති අඩුපාඩු නිවැරදි කිරිමට ඉදිරි සති හය ඇතුළත පාර්ලිමේන්තුවට සංශෝධන ඉදිරිපත් කරන බව ඇමති මංගල සමරවිර මහතා ප්‍රකාශ කරයි. සිය අමාත්‍යංශයේ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදි තවදුරටත් අදහස් දැක් වු ඇමතිවරයා තෙල් මිල සුත්‍රය පිළිබූඳවද අදහස් දැක්විය. තමාගේ කාලයේදි මේ අයුරින් තෙල් මිල වැඩි නොකළ බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ මහතා අසත්‍ය චෝදනා එල්ල කරන බවද සමරවිර මහතා කිවේය.

වර්තමානයේ ඩොලරය රුපියල් 160 කට ආසන්න අගයක් දක්වා වැඩි වි ඇතැයි පැවසුවත් රාජපක්ෂ යුගයේදි ඩොලරය එක් රාත්‍රියකදි රුපියල් දාහතකින් වැඩි වු බව ඇමතිවරයා කියා සිටි.

වාහනයක් හිමි අයෙකු සහ විදේශගත වු විටක බදු ගෙවිය යුතු යැයි පැවසෙන ප්‍රචාර සම්පුර්ණයෙන් අසත්‍ය බවද මුදල් අමාත්‍යවරයා කිවේය.

මත්කුඩු ජාවාරම් සම්බ්නධයෙන් අදහස් පළ කළ ඒ මහතා කියා සිටියේ මෙරට සිරගෙවල්වල සිටිනුයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ දෙවන පෙළ කණ්ඩායම බවය.ි පලමු පෙළ ජාවාරම්කරුවන් ඉහළ පෙලේ සමාජ සේවා පුන්‍ය ආයතනවල සිටින බව කියා සිටියේය. රටේ නිතිය දැඩිව ක්‍රියාත්මක කිරිම මගින් පලමු පෙළ ජාවාරම්කරුවන් ද මැඩලිය හැකි බව ඔහු කිවේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *