ත්‍රස්තවාදයට මගපාදන අන්තවාදී සංවිධානවලට කිසිදු ඉඩක් නොමැති බව ජනාධිපතිතුමා අවධාරණය කරයි

Share Button

ත්‍රස්තවාදයට මගපාදන අන්තවාදී සංවිධානවලට කිසිදු ඉඩක් නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා පවසයි සුරක්‍ෂිත ජීවිතයකට ස්වාධීන මතයක් දැරීමට සහ පල කිරීමට මෙන්ම නිදහසේ සිටීමට සියඵ දෙනාට ඇති අයිතිය සුරක්‍ෂිත කෙරේ  කොළඹ නිදහස් චතුරශ්‍රයේ පැවැති 72 වන ජාතික නිදහස් දින උළේලේදි ජාතිය අමතමින් ජනාධිපතිතුමා මේ බව කීවේය  රටේ සියඵ දෙනාගේ නායකයා තමා බැවින් ඔවුන්ගේ් සුබසිද්ධීය වෙනුවෙන් කැපවන බවද එතුමා අවධාරණය කළේය  ප්‍රජාතන්ත්‍රවාදය නිසි අයුරින් ක්‍රියාත්මක කිරීම පිණීස තුලනය කළයුතු ක්‍ෂේත්‍ර ගණනාවක් පවතී  එහිදී විධායකය  ව්‍යවස්ථාදායකය සහ අධිකරණය අතර බලතුලනය ඉතා වැදගත්වේ  බලය බෙදාහැරීමේදී මධ්‍යම රජයේ සහ විමධ්‍යගත වගකීම් ගැන නිරවුල් එකගතාවයක් පැවතිය යුතුය  පුරවැසියන්ට පෞද්ගලික අයිතිවාසිකම් මෙන්ම සාමුහික අයිතිවාසිකම්ද ඇති බව එතුමා පෙන්වා දෙයි ත්‍රස්තවාදීන්අ න්තවාදීන් සොරුන්  මැරයන්ඩ්ක ප්පම්කරුවන් කාන්තා සහ ළමා හිංසකයන්ගෙන් ජනජීවිතයට බලෑමක් ඇතිවන්නේ නම් රටේ සැබෑ නිදහසක් නැත රටපුරා පැතිරී තිබෙන මත්ද්‍රව්‍ය උවදුරෙන් දරුවන් මුදාගන්නා තරු මව්පියන්ට නිදහසක් නොමැත  එබැවින් ජනජීවිතයට බලපාන සියඵ සමාජ උවදුරු තුරන් කිරීමට නීතිය තදින් ක්‍රියාත්මක කරන බව ජනාධිපතිතුමා කීවේය  ඒ සදහා ආරක්‍ෂක අංශ සක්‍රිීය කිරීමට පියවර ගෙන ඇත  විරුද්ධ මත විමසීමට රජය සැමවිටම සුදානම්ය  සමාජ මාධ්‍ය ප්‍රජාතන්ත්‍රවාදයට නව අභියෝග එල්ල කරමින් සිටී  මත ප්‍රචාරයේදී හෘද සාක්‍ෂියට එකගවම ක්‍රියාකරන්නැයි ජනාධිපතිතුමා සියඵ දෙනාගෙන් ඉල්ලා සිටී  නිසි අධ්‍යනයකින් හෝ සම්බන්ධීකරණයකින් හෝ තොරව පනවා ඇති නීතිරීති හා රෙගුලාසි ජනතාවට විශාල හිරිහැරයකි  එය විවිධ අක්‍රමිකතා හා දුෂණවලට මගපාදයිඩ්€ඤු කාර්යක්‍ෂ්ම හා පිරිසිදු රාජ්‍ය සේවයක් රටක සංවර්ධනයට අත්‍යවශ්‍ය කාරණයකි  ත්‍රිවිධ හමුදා උත්තමාචාර සමග සංවිධාන කර තිබු නිදහස් උළෙල සංස්කෘතිකාංග රැසකින් වර්ණවත් විය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *