නූතන ලෝකයට ගැලපෙන ශිෂ්‍ය කේන්ද්‍රිය අධ්‍යාපන ක්‍රමයක් ඇති කළ යුතු යැයි ජනාධිපතිතුමා පවසයි

Share Button

නූතන ලෝකයට ගැලපෙන ශිෂ්‍ය කේන්ද්‍රිය අධ්‍යාපන ක්‍රමයක් හදුන්වා දිය යුතු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවස  විභාග කේන්ද්‍රිය අධ්‍යාපන ක්‍රමය වෙනස් කර නව තාක්ෂණ යුගයට මුහුණ දිමට හා අභියෝග ජය ගැනිමට හැකි සිසු පරපුරක් බිහි කළ යුතු යැයි එතුමා පෙන්වා දෙයි රටේ ආර්ථික සහ සාමාජයිය දියුණුව වෙනුවෙන් සෑම අංශයකින්ම දක්ෂතා සහිත තරුණයින් බිහි කිරිමේ වැඩපිලිවෙලක් රජය ආරම්භ කර තිබේ කොළඹ ආනන්ද විද්‍යාලයේ නව සත්මහල් ගොඩනැගිල්ල විවෘත කිරිමේ අවස්ථාවට අද එක්වෙමින් ජනාධිපති මෙම අදහස් පළ කළේය  මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිතුමා පැවසුවේ රටේ ජාතික   ආගමික  හා දේශපාලනික  ක්ෂේත්‍රවල අභිවෘද්ධියට දායක වූ විශිෂ්ටයින් ආනන්ද විද්‍යාලයෙන් බිහි කර ඇති බවයි රටේ පොදු ජනතාවගේ ගෞරවයද විද්‍යාලයට නිතැතින්ම හිමිවෙයි  මෙම විද්‍යාලයෙන් ලැබු දැනුම සහ විනයගරුක භාවය තම ජිවිතය සාර්ථක කර ගැනිමට ඉවහල් වූ බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය සියලු අංශ වලින් නිපුනතා දක්වන සිසුන් බිහි කිරිමට ආනන්ද විද්‍යාලය සෙසු පාසල් වලට ආදර්ශයක් වී ඇතැයි එතුමා වැඩිදුරටත් පැවසිය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *