අගමැති මහින්ද රාජපක්ෂ මහතා හා ඉන්දිය විදේශ කටයුතු ඇමතිවරයා අතර හමුවක්

Share Button

ඉන්දියාවේ නිල සංචාරයක නිරත අගමැති මහින්ද රාජපක්ෂ මහතා හා ඉන්දිය විදේශ කටයුතු පිළිබඳ ඇමති සුබ්‍රමනියම් ජයෂංකර් මහතා අතර හමුවක් අද පෙරවරුවේ පැවැත්වින. ඉන්දියානු ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක ව්‍යාපෘති කෙරෙහි එම සාකච්ඡාවේදී ප්‍රමුඛ අවධානය යොමු විය. සංචාරක කර්මාන්තය ඇතුඵ ක්‍ෂේත්‍ර ගණනාවකින් දෙරට අතර සබඳතා වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් නායක දෙපළ සාකච්ඡා කළහ. අගමැති මහින්ද රාජපක්ෂ මහතා හා ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුව රාෂ්ට්‍රපතිභවන්හිදී අද පැවැත්වේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *