දුෂ්කර පාසල්වල සේවය කරන ගුරුවරුන්ට වැටුපට අමතරව දීමනාවක්

Share Button

දුෂ්කර හා අති දුෂ්කර පාසල්වල සේවය කරන සියලු ගුරුවරුන්ට වැටුපට අමතරව දීමනාවක් ලබාදිමට ක්‍රියා කරන බව ඇමති ඩලස් අලහප්පෙරුම මහතා කියා සිටි. මෙරට සමස්ථ ගුරු පද්ධතියෙන් සියයට 70 ක් උපාධිධාරින් නොවන බව ඔහු ඉකුත්දා කෑගල්ලේ පැවති ජනහමුවකදී කීවේය. ප්‍රාථමික ගුරුවරුන්ගෙන් සියයට 25 ක් නුපුහුණු ගුරුවරු් වෙති. වසර 2027 වන විට මෙරට පාසල් පද්ධතියේ සිටින සියලු ගුරුවරුන් උපාධිධාරින් බවට පත්කිරිම අපේක්ෂාවයි. මෙහිදී පාසල් පද්ධතියට වැඩිම ගුරුවරුන් පිරිසක් බිහිකරන ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 19 ම උපාධි ලබාදෙන ආයතන බවට උසස් කෙරේ. ඒ සඳහා දැනටමත් කැබිනට් අනුමැතිය ලැබී ඇත. ඉදිරියේදි දිස්ත්‍රික් පදනම වෙනුවට පාසල් පදනමින් ඉසෙඩ් ලකුණු තීරණය කිරීමේ වැඩපිලිවෙලක් ද ක්‍රියාත්මක කරන බව ඇමතිවරයා කීවේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-01 | 08:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,633
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 821
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 74
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 801
මරණ සංඛ්‍යාව - 11