සාර්ථක ඉන්දීය සංචාරය නිමා කොට අග්‍රාමාත්‍යවරයා අද දිවයිනට

Share Button

සිව් දින නිල සංචාරය සාර්ථකව නිමා කරමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද දිනයේ ඉන්දියාවේ සිට ශ්‍රීි ලංකාවට පැමිණෙයි. ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ආරාධනයකට අනුව රාජ්‍ය සංචාරයේ නිරත වු අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ඉන්දීය රජයෙන් ඉහළ පිළිගැනීමක් ලැබිණ. ඉන්දීය ජනාධිපතිවරයාගේ නිල කාර්යාලය වන රාෂ්ට්‍රපති භවන් හි රාජ්‍ය සංචාරයක නිරත වන නායකයෙකුට පිරිනමන සාම්ප්‍රදායික හමුදාමය උත්තමාචාර ලබාදීමට ඉන්දීය රජය පියවර ගෙන තිබිණ. දේශපාලන වෙලෙද සංවර්ධන ආරක්ෂක සංස්කෘතික සහ සංචාරක ඇතුඵ ක්‍ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් එකගතාවන් ඇති කර ගැනීමට සංචාරයේදී අවස්ථාව ලැබිණ. දෙරටේ ධීවර ප්‍රජාව මුහුණපාන ගැටඵ ද සාකච්ඡාවල අවධානයට ලක්විය. ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කළ හැකි ක්‍රමෝපායන් අධ්‍යයනයට අවස්ථාව ලැබීම වැදගත්ම සිදුවීමයි. නවදිල්ලි නුවර සිට වාරානාසි සාරනාත් සහ බුද්ධගයාවට ගොස් වැඳපුදා ගැනීමට අග්‍රාමාත්‍යවරයා ක්‍රියා කළේය අද දිනයේ තිරුපති වන්දනාවෙන් පසු අගමැතිතුමා යලි දිවයින බලා පිටත් වෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *