කාර්මික තාක්ෂණ ආයතනය විශ්ව විද්‍යාලයක් බවට පත්කිරීමට පියවර

Share Button

ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම තුළ මානව සම්පත් සංවර්ධනය  තාක්ෂණය හා නවෝත්පාදනය තුළින් වේගවත් ආර්ථික සංවර්ධනයක් ඇති කිරීම රජයේ ප්‍රධාන අපේක්ෂාව බව ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි  කාර්මික තාක්ෂණ ආයතනයේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය සිරිමල් පේමකුමාර මහතා වැඩභාර ගැනීිමේ අවස්ථාවට එක්වෙමින් ඇමතිවරයා මේ බව කීවේය  කාර්මික තාක්ෂණ ආයතනය මෙරට කාර්මික තාක්ෂණ විශ්ව විද්‍යාලයක් බවට පත්කිරීමට දැනටමත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇත ඊට ස්වාධිනව කටයුතු කිරීමේ අවස්ථාව ලබාදීම අපේක්ෂාවයි  තාක්ෂණික හා නවෝත්පාදනය සම්බන්ධයෙන් මෙරට දැවැන්තම ප්‍රදර්ශනය ලබන මාසයේදී පැවැත්වේ  ඒ සදහා නව නිපැයුම් මගින් දායකත්වය ලබාදීමට ක්‍රියාකළ යුතු යැයි ඇමතිවරයා කියයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *