රාජ්‍ය ගුවන් විදුලිය ප්‍රශස්ත උසස් සන්නිවේදන මාධ්‍යයක් බවට පත්කිරීමට කැපවන බව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපති විශාරද ජගත් වික්‍රමසිංහ මහතා කියයි

Share Button

රාජ්‍ය ගුවන් විදුලිය ප්‍රශස්ත උසස් සන්නිවේදන මාධ්‍යයක් බවට පත්කිරීමට තමා කැපවන බව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපති ප්‍රවීන සංගීතඥ විශාරද ජගත් වික්‍රමසිංහ මහතා පවසයි එමෙන්ම ආයතනය තුළ සපුරාගත යුතු ඉලක්ක කරා යාමට ප්‍රමුකත්වය දෙනු ලැබේ ආයතනය තුළ සුහදත්වය පැවැතිම වැදගත්ය සේවක සුබසාධනය වෙනුවෙන් ද වැඩි අවධානය යොමුකරන බව ඒ මහතා අද පෙරවරුවේ රාජකාරි ආරම්භ කිරීමෙන් පසු කාර්ය මණ්ඩලය අමතමින් පැවසීය  ජාතික ගුවන් විදුලිය මෙරට පුරෝගාමි ජනමාධ්‍ය ආයතනයකි  ඊට ජාතික හා ජාත්‍යන්තර වශයෙන් විශාල වගකීමක් පැවරී තිබේ  ජාති  ආගම්ඩ්සස්කෘතික වශයෙන් කිසිදු භේදයකින් තොරව රටවැසියන්ට සාධාරණය ඉටුවන ආකාරයට වැඩසටහන් මෙහෙයවීමට බලාපොරොත්තු වන බව සභාපතිවරයා කීය  ජාතික ගුවන් විදුලිය යනු දක්ෂ නිර්මාණ ශිල්පින් රැසක් සිටින සහ විශාල සම්පත් ප්‍රමාණයක් ඇති ආයතනයකි  එම අංශවල සහාය ලබාගෙන ජාතික සංස්කෘතිය හා කලාවත් සමග බැදුනු ඉදිරි ගමනක් වෙනුවෙන් කැපවන බවද ඔහු කීවේය  මේ අවස්ථාවට එක්වු සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ මහතා පැවසුවේ ජාතික ගුවන් විදුලිය නව ආකාරයෙන් ජනතාව හමුවට රැගෙනඒමට බලාපොරොත්තු වන බවයිඩ්  එහිදී නව නිර්මාණ නව සැලසුම් ඔස්සේ යහපත් සන්නිවේදන රටාවක් රටට ගෙනඒමට ක්‍රියාකරන බව ඒ මහතා සදහන් කළේය සභාපතිවරයා වැඩ භාර ගැනීමේ අවස්ථාවට මහ සංඝරත්නය කලාකරුවෝ  සම්භාවනිය පිරිස් මෙන්ම කාර්ය මණ්ඩලයද එක්ව සිටියහ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *