ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උළෙල පස්වරුවේදී

Share Button

ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උළෙල අද පස්වරුවේ මරදාන එල්පින්ස්ටන් රගහලේදී පැවැත්වේ  ප්‍රධාන ආරාධිතයා ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහභාගි වෙයි  මෙහිදී තරග ඉසව් හතරක් යටතේ අංශ 22 ක් වෙනුවෙන් සිංහල දෙමළ හා ඉංග්‍රිසි මාධ්‍යයන්ගෙන් සම්මාන 39 ක් ප්‍රදානය කෙරේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදින් වන පාලිත පෙරේරා අබ්දුල් හමීඩ් ආරියසේන මිල්ලවිතානාච්චි යන මහත්වරුන්ට ප්‍රණාම සම්මාන ද පිරිනැමේ  කුසුම් පිරීස් අනුස්මරණ විශේෂ මුදල් ත්‍යාග සම්මානය දැනට ගුවන් විදුලි ක්‍ෂේත්‍රයේ සිටින ප්‍රවිනතම නිවේදිකාව හා ගීත රචිකාවියක් වන දයා ද අල්විස් මහත්මියට පිරිනැමේඩ්සං  ස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා කලා මණ්ඩලය  ගුවන් විදුලි රාජ්‍ය උපදේශන සභාව එක්ව මෙම සම්මාන උළෙල පවත්වනු ලැබේ එය සංවිධාන කෙරෙන්නේ තුන්වැනි වතාවටයි  මේ සම්බන්ධයෙන් ජාතික ගුවන් විදුලියේ සුභාරති සංවාද මණ්ඩපයට අද එක්වෙමින් අදහස් දැක්වු බුද්ධශාසන  සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් සහ වැඩබලන සංස්කෘතික අධ්‍යක්ෂ අනෝජා ගමගේ මහත්මිය පැවසුවේ උසස් රසවින්දනයක් උදෙසා අනාගත පරපුරට ප්‍රමිතියෙන් යුත් ගුවන් විදුලි වැඩසටහන් හදුන්වාදීම වෙනුවෙන් මෙම සම්මාන උළෙල වාර්ෂිකව සංවිධාන කරන බවයි  සංවාදයට එක්වු කැළණිය විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්‍ය විජයානන්ද රූපසිංහ මහතා පැවසුවේ විකල්ප මතවලට ඉඩක් නොලැබිම  තරුණ හඩට කන් නොදීම  එකම සම්පත්දායකයින් පිරිසක් දීර්ඝ කාලීනව සම්බන්ධ කර ගැනීම වැනි හේතුන් නිසා රාජ්‍ය ගුවන් විදුලි මාධ්‍ය ජනතාවගෙන් ඈත්වු බවයි  පෞද්ගලික ගුවන් විදුලි සේවා විධිමත් ලෙස නියාමන නොවීම නිසා එම අංශයේද කඩාවැටිමක් සිදුවු බව ඔහු පෙන්වා දුන්නේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Apr-06 | 04:04

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 176
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 138
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 259
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 33
මරණ සංඛ්‍යාව - 5