ෂැංග්‍රිලා බෝම්බකරුගේ පියා ඇතුඵ හයදෙනා යලි රිමාන්ඩ්

Share Button

කොළඹ ෂැංග්‍රිලා හෝටලයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ මොහොමඩ් ඊබ්‍රහිම් ඉන්ෆාස් අහමඩ් තැනැත්තාගේ පියා වන දෙමටගොඩ මහවිල උද්‍යානයේ පදිංචි ප්‍රකට ව්‍යාපාරික මොහොමඩ් හයාතු මොහොමඩ් ඊබ්‍රාහිම් ඇතුඵ සැකකරුවෝ හය දෙනෙක් ලබන 28 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරෙති ඔවුන් අධිකරණයට අද ඉදිරිපත් කළ අවස්ථාවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය මෙම නියෝගය සිදු කළාය සැකකරුවන් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ිඅධිකරණයට දන්වා සිටියේය
මේ අතර දුම්මලසුරිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක අතුල කුමාර ගමගේ මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලෙන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට අද කැඳවනු ලැබිණ පාස්කු ප්‍රහාරයට පෙර දුම්මලසුරිය පොලිස් වසමේ දේවස්ථානයකට ප්‍රහාරයක් එල්ල විය එමෙන්ම පාස්කු ප්‍රහාරය එල්ල කළ සහරාන් හසිම් සමග සබඳතා පැවැත්වු සැකරුවෙකු දුම්මලසුරිය පොලිසිය අත්අඩංගුවට ගෙන තිබිණ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-28 | 19:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,807
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 500
නව රෝගීන් සංඛ්‍යාව - 02
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 65
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,296
මරණ සංඛ්‍යාව - 11