වුහාන් සිට ගෙන්වා ගත් ඉන්දියානු ජාතිකයන් 645 දෙනාට වයිරසය ආසාදනය විී නැතැයි තහවුරු වෙයි

Share Button

චීනයේ වුහාන් නගරයේ සිට ගෙන්වා ගත් ඉන්දියානු ජාතිකයින් 645 දෙනාට කොරෝනා වෛරසය හෙවත් කොවිඩ් 19 ආසාදනය වී නැතැයි තහවුරු වූ බව එරට සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ් වර්ධන් මහතා පවසයි කේරළ ප්‍රදේශයෙන් හඳුනාගත් වෛරසය ආසාදනය වූ රෝගීන් තිදෙනාගේ තත්ත්වය යහපත් අතට හැරෙමින් ඇතැයි හෙතෙම ප්‍රකාශ කළේය මේ අතර අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ චීනයට යවන බව ද වර්ධන් මහතා පැවසීය
==
ජපානයේ යොකොහොමා වරායේ නතර කර ඇති ඩයමන්ඩ් ප්‍රින්සස් සුඛෝපභෝගී මගී නෞකාවේ සිටින කොරෝනා වෛරසය හෙවත් කොවිඩ් 19 වැළඳුණු රොගීන් 8 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව ජපාන සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි වෛරසය ආසාදනය වූ බව හඳුනාගෙන නොමැති තවත් පුද්ගලයෙකුගේ සහ වෛරස පරික්ෂාවේ ප්‍රතිඵල අපේක්ෂාවෙන් පසුවන පුද්ගලයෙකුගේ තත්ත්වය ද බරපතළ බව එම අමාත්‍යංශය සඳහන් කරයි ඊයේ වන විට නෞකාවේ සිටි පුද්ගලයින් 713 දෙනෙකු පරික්ෂාවට ලක් කර ඇති අතර ඉන් 218 දෙනකුට වෛරසය ආසාදනය වී ඇතැයි හඳුනාගෙන තිබේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *