කොළඹ මාර්ග තදබදයට කඩිනම් විසදුම්

Share Button

මධ්‍යම අධිවේගී මාර්ගය සහ සෙසු අධිවේගී මාර්ගවල ඉදිකිරිම් කඩිනමින් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරින්ට උපදෙස් දෙයි පළමු අදියරේ වැඩ අවසන් වී ඇති දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා කොටස කඩිනමින් විවෘත කළ යුතුය මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මිරිගම හරහා කුරුණෑගල දක්වා කොටසත් කුරුණෑගල සිට දඹුල්ල දක්වා කොටසත් පොතුහැර සිට ගලගෙදර දක්වා කොටසත් කඩිනමින් නිම කළ යුතු සෙසු ව්‍යාපෘති වෙයි මාර්ග හා මහාමාර්ග අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමග ජනාධිපති කාර්යාලයේ අද පැවති සාකච්ඡාවේදි ජනාධිපතිතුමා එම උපදෙස් දුන්නේය ජනතාවට පහසුවෙන් ගමන් බිමන් යාමට ඉඩ සලසා දිම එමගින් අපේක්ෂා කෙරේ කඩවත සිට දඹුල්ල දක්වා අධිවේගි මාර්ගයේ වැඩ නිමවිමෙන් පසු උතුර නැගෙනහිර හා බස්නාහිර පළාත් වලට කඩිනමින් පිවිසිමට හැකිවෙයි ඉංගිරියේ සිට රත්නපුරය දක්වා කිලෝමිටර් 76 ක දුරකින් යුත් මාර්ගය කඩිනමින් ඉදි කර ජාතික අධිවේගී මාර්ග පද්ධතියට එක් කෙරේ එය දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුවෙන් ඇරඹෙයි මහනුවර උමං මාර්ගයේ ඉදිකිරිම් කඩිනම් කිරිම එහි මාර්ග තදබදයට විසදුමක් වනු ඇත දැනට අඩක් නිම කර ඇති මාර්ග හා පාලම්වල ඉදිකිරිම් කඩිනමින් නිම කළ යුතු බව ද ජනාධිපතිතුමා පැවසිය ග්‍රාමිය මාර්ග පද්ධතිය සෙසු මාර්ග පද්ධතියට සමගාමිව නවීකරණය කිරිම අවශ්‍ය වෙයි ගාලු පාර කඩුවෙල හයිලෙවල් හා පිළියන්දල මාර්ගවල උදෑසන හා සවස්කාලයේ පවතින අධික වාහන තදබදයට කඩිනමින් විසදුම් සෙවිය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළේය අධික තදබදයක් ඇතිවන ස්ථාන හදුනාගෙන ගුවන්පාලම් හා උමං පිවිසුම් ඉදිකෙරේ දෙමටගොඩ සිට වනාතමුල්ල හරහා බත්තරමුල්ල දක්වා මාර්ගය ඉදිකිරිමේ හැකියාව සොයා බලන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය එමගින් බොරැල්ල හා රාජගිරිය මංසන්ධිවල පවතින තදබදයට විසදුම් ලැබෙඩ්€ඤු් ගාලු පාරේ හා ඩුප්ලිකේෂන් පාරේ වාහන තදබදයට විසදුමක් ලෙස ගාලු පාරට සමාන්තරව ඇති මුහුදුබඩ මාර්ගය පානදුර දක්වා දිර්ඝ කිරිම ු කෙරෙහි ද අවධානය යොමු විය
සියලු ඉදිකිරිම් සදහා දේශිය ඉංජිනේරුවන්ගේ පූර්ණ දායකත්වය ලබාගන්නැයි ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය මාර්ග ඉදිකිරිමට සමගාමිව පොදු ප්‍රවාහන සේවය වැඩිදියුණු කළ යුතුය මෝටර් රථ වලින් නගරයට පිවිසිම අවම කිරිම සදහා සුඛෝපබෝගි බස්රථ හා පාසල් බස්රථ සේවා විධිමත් කිරිම පිළිබඳවද එහිදි සාකච්ඡා කෙරිණි කොළඹට පිවිසෙන රථවාහන ගාල් කිරිමට සුදුසු ස්ථාන සකස් කිරිම කෙරෙහි ද අවධානය යොමුවිය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *