යුධ හමුදාපතිවරයාට පැනවූ තහනම පිලිබද විමසීම සදහා ඇමරිකානු තානාපතිවරියට විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් කැදවීමක්

Share Button

යුධ හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට පැනවූ සංචාරක තහනම සම්බන්ධයෙන් විමසීම සදහා මෙරට ඇමරිකානු තානාපතිනිය කැදවීමට විදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබේ මෙරට 23 වන යුධ හදුදාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ටත්වය අනුව පත්වීම් ලැබූ ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මානව හිමිකම් කඩකල පුද්ගලයකු බව ඇමරිකාව පැවසීය ඔහුගේ පවුලේ සාමාජිකයින්ට සහ ඔහුට ඇමරිකාවට පැමිණීම තහනම් කරන්නේ යුධ සමයේදී ඔහු මානව හිමිකම් කඩකල නිසා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි යුධ සමයේදී 58 වන සේනාංකය මෙහෙයවූයේ වත්මන් යුධ හමුදාපතිවරයායි යුධ සමයේදී 58 වන සේනාංකය අධිකරණමය ක්‍රියාදාමයකින් තොරව මනුෂ්‍ය ඝාතන ආදී බරපතල මානව හිමිකම් කඩකිරීම් සිදුකර ඇති බවට විශ්වාසදායී තොරතුරු ලැබී ඇති බවද ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව කියයි මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ ස්වාධිනව තහවුරු නොකල මුලාශ්‍ර මත පදනම්ව යුධ හමුදාපතිවරයාට එරෙහිව ගෙන ඇති සංචාරක තහනම සම්බන්ධයෙන් දැඩි විරෝධය පල කරන බවයිඩ්€ඤු ජ්‍යෙෂ්ටත්වය මත පදනම්ව පත්වීම් ලැබූ වත්මන් යුධ හමුදාපතිවරයාට එරෙහිව මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් සනාථ කල හෝ ඔප්පු කළ චෝදනා කිසිවක් නොමැති බව රජය සිය නිවේදනයෙන් අවධාරණය කර තිබේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ශවේන්ද්‍ර සිල්වා මහතාව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධූරයට උසස් කරනු ලැබ ඇත්තේ ඔහු මෙරට ජ්‍යෙෂ්ටත හමුදා නිලධාරියා වන බැවිනි යුධ හමුදාපතිවරයා ඇමරිකාවේ සංචාරක තහනමකට ලක්වීමට එය හේතුවන් විය නොහැකි බවද විදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙයි විශේෂඥ පුද්ගලයින් ජාතික ආරක්ෂාවට අදාල තනතුරු දැරීම පදනම් කර ගනිමින් විදේශිය රාජ්‍යයක් ප්‍රජාතාන්ත්‍රවාදීව පත්වූ ජනාධිපතිවරයකුගේ පරමාධිපත්‍ය පිලිබද ප්‍රශ්න කිරීම කණගාටුවට කරුණක් බවද රජය අවධාරණය කරයි
තොරතුරු මුලාශ්‍රවල සත්‍යතාව සලකා බලා තීරණ ගන්නැයි ඇමරිකාවට දැනුම් දී ඇතැයි දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයාද මාධ්‍යට අදහස් දක්වමින් ඊයේ සදහන් කළේය අද දිනයේදී ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිවරිය විදේශ කටයුතු අමාත්‍යාංශයට කැදවීමට පියවර ගෙන තිබේ රජයේ මාධ්‍ය ප්‍රකාශක ි කෙහෙලිය රඹුක්වැල්ල රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ යුධ අපරාධ චෝදනා එල්ල කරන්නේනම් එය සැකයෙන් තොරව ඔප්පු කිරීමට ස්වාධින රාජ්‍යයක් ලෙස ඇමරිකාවට හැකිවිය යුතු බවයි ශ්‍රී ලංකාවද ස්වාධීන රාජ්‍යයකි ශ්‍රී ලංකාවේ ස්වාධිනත්වය වෙනුවෙන් තොරතුරුවල නිරවද්‍යතාව අනිවාර්ය සාධකයක් බව රාජ්‍ය ඇමතිවරයා කියයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *