මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පාතාල පිරිස් ගොඩනැගුවේ දේශපාලනඥයන් බවට චෝදනාවක්

Share Button

මත්ද්‍රව්‍ය ජාවාරම්වල රටේ ප්‍රමුඛයන් වී සිටියේ වර්තමානයේ සුදු පිරුවට ඇඳගෙන කථා කරන ඇතැම් දේශපාලනඥයන් බව ඇමති රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි. පාතාලයේ නම් කියැවෙන පිරිස් කරලියට ගෙනාවේද එම දේශපාලඥයන් බව ඔහු කියා සිටී. මොණරාගල දිස්ත්‍රික්කයේ ගම් පෙරළිය ආරම්භක වැඩසටහට අද එක් වෙමින් ඔහු මේ බව කීවේය. වැල්ලවාය රංදෙනිය මීදෙනිය පාලමේ වැඩ මෙහිදී ඇරඹුණි. එහිදි තවදුරටත් අදහස් දැක්වු ඇමතිවරයා ඉකුත් රජය සමයේ නිදහස හා සාධාරණය නොතිබු බව කීවේය. එම කාලයේ මාධ්‍යවේදීන් 15 කට වැඩි පිරිසක් ඝාතනය වී තිබේ. සංවර්ධනයට නීතිය හා සාමය තිබිය යුතු බව ඔහු කියා සිටී.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11