සතොසින් පාරිභෝගියන්ට අඩු මිලට පොල්

Share Button

පාරිභෝගිකයාට අඩු මිලට පොල් ලබාදිම සදහා සතොස ආයතනය සීමාසහිත කුරුණෑගල වැවිලි සමාගම සමග අවබෝධතා ගිවිසුමකට එළඹෙයි. එය වැවිලි කර්මාන්ත අමාත්‍යංශය යටතේ පාලනය වන සමාගමකි. අවබෝධතා ගිවිසුමට අනුව එම සමාගමේ වතුවල පොල් මිලදි ගෙන සතොස අලෙවිසල් වලින් පාරිභෝගිකයාට අලෙවි කරන බව සතොස ප්‍රධාන විධායක නිලධාරි දුෂ්මන්ත තොටවත්ත මහතා කියයි. ඒ අනුව අලෙවිසල් සියයකට අධික සංඛ්‍යාවකින් මේ වනවිට රුපියල් 65 කට පොල් අලෙවි කෙරේ. ලබන සතිය වනවිට එය සෙසු අලෙවිසල් වලටද ව්‍යාප්ත කිරිම අරමුණයි. මහ කන්නයේ වී සහල් කර සතොස අලෙවිසල් මගින් අලෙවි කිරිමේ වැඩපිළිවෙලද ළගඳිම ආරම්භකරන බව තොටවත්ත මහතා සදහන් කළේය. මහ කන්නයේ වි අස්වනු මිලදි ගැනිම රජය දැන් ආරම්භ කර තිබෙ. එම වී සහල් කර කඩිනමින් පාරිභෝගිකයාට අලෙවි කිරිම ආරම්භ කරන්නැයි ජනාධිපති කාර්යාලය උපදෙස් දී තිබෙ. මහ කන්නයේ වී අලෙවි කිරිම සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලය මහා භාණ්ඩාගාරයට හා දිසාලේකම්වරුන්ට චක්‍රලේඛයක් නිකුත් කර ඇත. ඒ අනුව ඉදිරි සති කිහිපය තුළ එම වැඩපිළිවෙල ආරම්භ කෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *