මොහිදින් බෙග් කලාකරුවා වෙනුවෙන් සමරු මුද්දරයක්

Share Button

අල්හාජ් මොහිදින් බෙග් කලාකරුවා වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් කෙරේ. එම මුද්දරය නිකුත් කිරිම අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ තැපැල් මූලස්ථානයේදි ඊයේ සිදුවිය. අගමැතිවරයා සමරු මුද්දරය මොහිදින් බෙග් කලාකරුවාගේ ඥාතින්ට පිළිගැන්විය. සහශ්‍රය සිහිකිරිම සදහාද ඊයේ සමරු මුද්දරයක් නිකුත් කෙරිණි. තැපැල් දෙපාර්තමේන්තුව නවීකරණය කිරිමේ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස අධිවේගී තැපෑල ඔස්සේ දෙස් විදෙස් භාණ්ඩ හුවමාරුවේදී එම භාණ්ඩයේ ගමන් මාර්ගය හා තොරතුරු පිළිබඳව පාරිභෝගිකයාට දැනගත හැකි ක්‍රමවේදයක් හදුන්වාදීමද එහිදි සිදුවිය. ශ්‍රි ලංකා ටෙලිකොම් ආයතනය නවීන තාක්ෂණය උපයෝගි කර ගනිමින් කෙටි පණිවිඩයක් මගින් භාණ්ඩ හුවමාරුව පිළිබඳව පාරිභෝගිකයා දැනුවත් කරයි. ශ්‍රි ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය ඔස්සේ ද තොරතුරු ලබාදිම සිදුවෙයි.
එම උත්සවයේදි අදහස් දැක් වූ ඇමති බන්දුල ගුණවර්ධන මහතා තිරසර සංවර්ධනයේදි හිග සම්පත් කළමනාකරණය කරමින් හා සංරක්ෂණය කරමින් ආර්ථිකය පවත්වාගෙන යාමේදී සන්නිවේදනයට විශාල කාර්යභාරයක් ඉටුකළ හැකි බව පෙන්වා දුන්නේය. ඒ අනුව තැපෑල පෞද්ගලිකකරණය කිරිමක් කිසිසේත් සිදු නොකරන බවට ඇමතිවරයා සහතික විය. රාජ්‍ය ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ද එහිදි අදහස් දැක්විය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-03 | 18:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,710
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 863
නව රෝගීන් සංඛ්‍යාව - 27
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 66
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 836
මරණ සංඛ්‍යාව - 11