බටහිර ඉන්දිය කොදෙව් ශ්‍රි ලංකා පලමු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය හෙට

Share Button

සංචාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම හා ශ්‍රි ලංකා කණ්ඩායම අතර පලමු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය කොළඹ එස් .එස්. සී. ක්‍රිඩාංගනයේදි හෙට පැවැත්වේ. එස් .එස්. සී ක්‍රිඩාංගනයේ එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් පැවැත්වෙන්නේ වසර 03 කට පසුවයි. ශ්‍රි ලංකාව හා බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම් අතර 1982 සිට 2017 දක්වා එක්දින ජාත්‍යන්තර තරග 39 ක් පවත්වා ඇති අතර ඉන් තරග 23 ක්ම ජය ගැනිමට ශ්‍රි ලංකාවට හැකි විය. බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම එස්. එස් .සී ක්‍රිඩාංගනයේදි තරග හතක් ක්‍රඩා කර ජයගෙන ඇත්තේ තරග 02 ක් පමණි. මේ අතර හෙට පැවැත්වෙන තරගයේ දී තරග වදින අවසන් කණ්ඩායම තවමත් නම් කර නැතැයි ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු මිකී ආතර් මහතා කියයි. සෑම එක්දින තරගයකදිම තරගයෙන් තරගය සැලසුම් කරන බව කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදි ඔහු සදහන් කළේය. කෙසේවෙතත් දිමුත් කරුණාරත්න හා අවිශ්ක ප්‍රනාන්දු ආරම්භක පිතිකරුවන් ලෙස කටයුතු කරනු ඇතැයි පුහුණුකරු පැවසිය. හෙට පැවැත්වෙන තරගය පිළිබඳ සජිවි විස්තර ප්‍රචාරයක් ශ්‍රාවකයන් වෙත ගෙනඒමට ජාතික ගුවන්විදුලිය විධිවිධාන යොදා තිබෙ. ජාතික ක්‍රිඩා විකාශය ඔස්සේ එම සජීවි විස්තර ප්‍රචාරය ගෙනඒමට නියමිතයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *