ලෝක පාපන්දු කුසලානය ප්‍රංශයට

Share Button

2018 පාපන්දු ලෝක කුසලානය දිනාගැනීමට ප්‍රංශය සමත් වෙයි. රුසියාවේ මොස්කව් නුවර ලූෂ්නිකී ක්‍රීඩාංගනයේ පැවති අවසන් මහා තරගයේදී ක්‍රොයේෂියාවට එරෙහිව ගෝල 4 ට දෙකක් වශයෙන් ප්‍රංශය ජයගත්තේය. ඒ අනුව ලෝක පාපන්දු කුසලානය ප්‍රංශය මෙවර ජයගත්තේ දෙවන වරටයි. මීට පෙර ප්‍රංශය ලෝක ශූරයන් වූයේ 1998 වසරේදීය. ක්‍රොයේෂියාවේ මාරියෝ මංජුකිච් පන්දුව තම දැලටම යොමු කරවීම හේතුවෙන් ප්‍රංශය ජයග්‍රාහී මාවතට එළඹියේය. අනතුරුව ප්‍රංශයේ ගෝල සංඛ්‍යාව හතර දක්වා වැඩි කර ගැනීමට අන්තුවාන් ග්‍රීස්මන්. පෝල් පොග්බා සහ කිලියන් ම්බාපේ යන ක්‍රීඩකයෝ සමත් වූහ.

ක්‍රොයේෂියාව වෙනුවෙන් ගෝල වාර්තා කරන ලද්දේ ඉවාන් පෙරිෂිච් සහ මාරියෝ මංජුකිච් විසිනි. වසර 40 කට පසුව එකම තරගයකදී ප්‍රතිවාදී පිල වෙනුවෙන් හා තම පිල වෙනුවෙන් ගෝල දෙකක් වාර්තා කළ පළමු ක්‍රීඩකයා බවට ක්‍රොයේෂියාවේ මාරියෝ මංජුකිච් වාර්තාගත විය. තරගයේ හොඳම ක්‍රීඩකයා බවට ප්‍රංශ කණ්ඩායමේ අන්තුවාන් ග්‍රිස්මාන් පත්විය. ක්‍රොයේෂියානු ක්‍රීඩකයන්ට රුසියාවේ පැවති මෙම තරගාවලියේදී සිය ක්‍රීඩා ඉතිහාසයේ සාර්ථකම අත්දැකීම ලබාගැනීමට හැකි විය. 1998 දී ක්‍රොයේෂියාවට තෙවන ස්ථානය හිමි විය.
මෙවර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට පිරිනැමෙන රන් පන්දුව සම්මානය ක්‍රොයේෂියාවේ ලූකා මොඩ්රිච් ට හිමිවිය. රන් සපත්තුව සම්මානය හිමි වූයේ එංගලන්තයේ හැරී කේන්ට ය. තරගාවලියේදී ගෝල 6 ක් වාර්තා කිරීමට ඔහු සමත් විය.

ත්‍යාග ප්‍රදානෝතසවයට රුසියානු ජනාධිපති ව්ලදිමීර් පූතින් සමග ප්‍රංශ ජනාධිපති එමැනුවල් මැක්‍රොන්. ක්‍රොයේෂියානු අගමැතිණි කොලින්ඩා ග්‍රාබර් සහ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපති ගියානි ඉන්ෆැන්ටිනෝ සහභාගි වූහ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *