තල්කෙඳි මෙරටදී නිෂ්පාදනය ඇරඹෙයි

Share Button

තල් කෙදි මෙරටදී නිෂ්පාදනය කිරීම ඇරඹෙයි දිර්ග කාලයක් තිස්සේ ඒවා ආනයනය කෙරිණි දශක දෙකක් තිස්සේ වසා දමා තිබු මන්නාරම සෙල්වාරී කර්මාන්ත ශාලාවේ තල්කෙදි නිෂ්පාදනය මේවන විට ආරම්භ කර ඇතැයි තල් සංර්ධන මණ්ඩලයේ සභාපති ක්‍රිශාන්ත පතිරාජ මහතා කියයි ඉදිරි මාස කිහිපය තුළ ශ්‍රී ලංකාවට අවශ්‍ය තල්කෙදි මෙරටදීම නිෂ්පාදනය කළ හැකි බව ඔහු සදහන් කළේ ජාතික ගුවන් විදුලියේ ඇතුල්පැත්ත වැඩසටහනට අද පෙරවරුවේ එක්වෙමිනි පසුගිය කාලයේ තල් ආශ්‍රීත නිෂ්පාදනවලට නිසි වටිනාකමක් ලබා නොදීම හේතුවෙන් උතුරු හා නැගෙනහිර පළාත්වල තල් කාර්මාන්තකරුවෝ ඉමහත් අපහසුතාවට පත්වුහ වත්මන ්රජය තල් ආශ්‍රීත නිෂ්පාදන දිරිගැන්වීමට හා ප්‍රචලිත කිරිමට ක්‍රියාකරයි ඒ අනුව තල් සංවර්ධන මණ්ඩලයේ අනුග්‍රහයෙන් තල් අයිස්ක්‍රීම් වෙළෙඳපොලට හදුන්වාදී ඇතැයි සභාපතිවරයා සදහන් කළේය තල් යුෂ හා ස්වභාවික අමුද්‍රව්‍ය ඒ සදහා යොදා ගැනේ සියඵ තල් ආශ්‍රීත නිෂ්පාදන ඉදිරියේදී සතොස මගින් අලෙවි කිරීමට අපේක්ෂා කරන බවද ඔහු සදහන් කළේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11