ජාතික නර්තන දින සැමරුම් උලෙල අගමැති ප්‍රධානත්වයෙන්

Share Button

ජාතික නර්තන දින සැමරුම් උලෙල සහ ඊට සමගාමිව පැවති පණීභාරත සියවැනි ජන්ම දින සැමරුම් උලෙල අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රීී ලංකා පදනම් ආයතනයේදී අද පැවැත්වුනි. පණීභාරත කලාකරුවා වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් කිරිම හා බණ්ඩාර ඇහැලියගොඩ මහතා රචිත ගුරුදේව පණීභාරත කෘතිය එළිදැක්වීම ද මෙහිදී සිදුවිය. මෙම අවස්ථාවට එක්ව සිටි රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසුවේ ශ්‍රීි ලාංකේය නැටුම් කලාව නව මාවතකට යොමු කළ පණීභාරත කලාකරුවා රටට කීර්තියක් ගෙන ආ බවයි. නැටුම් කලාව නොනැසී පවත්වාගෙන යාමට විශාල කැප කිරීමක් පණීභාරත කලාකරුවා වෙතින් ඉටු වු බව ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැලියගොඩ මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *