ළමා මන්දපෝෂණය පිටුදැකිම පිලිබඳව ශ්‍රි ලංකාව හා එක්සත් ජාතින්ගේ සංවිධානය අතර සාකච්ඡා

Share Button

ශ්‍රි ලංකාවේ ළමා මන්දපෝෂණය පිටුදැකිමට ඉහළ ප්‍රමුඛත්වයක් ලබාදිමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හා එක්සත් ජාතින්ගේ නියෝජිත පිරිස අතර පැවති සාකච්ඡාවකදී එකගත්වය පළ වෙයි. ජනාධිපති කාර්යාලායේදි ඊයේ එම සාකච්ඡාව පැවැත්විණි. එක්සත් ජාතින්ගේ සංවිධානය ලෝක ළමා අරමුදල ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝක ආහාර වැඩසටහන එක්සත් ජාතින්ගේ සංවර්ධන අරමුදල.ලෝක බැංකුව.ජපානය චීනය හා යුරෝපා සංගමයේ නියෝජිතයෝ එම සාකච්ඡාවට එක්ව සිටියහ. වසර 2030 වනවිට ළමා මන්දපෝෂණය පිටුදැකිමට එක්සත් ජාතින්ගේ හා ලෝක බැංකුවේ හදිසි ඉල්ලිමට සවන්දිම සම්බන්ධයෙන් ජනාධිපතිතුමා ශ්‍රී ලංකාවේ එක්සත් ජාතින්ගේ නේවාසික නියෝජිත හැනා සිංගර් මහත්මිය එහිදි සිය කෘතඥතාව පළ කළාය. වත්මන් කාර්ය බහුල ජීවන රටාව හේතුවෙන් ජනතාව සම්ප්‍රදායික ආහාර වලින් බැහැරව ක්ෂණික කෙටි ආහාර රටාවකට යොමු වී තිබෙ. අධීක ලෙස සිනි අඩංගු පෝෂණ කොටස් අඩු එම ආහාර රටාව තුළ ළමා මන්දපෝෂණය දිනෙන් දින ඉහළ යමින් පවති. ළමා මන්දපෝෂණය අඩු කිරිමට ශ්‍රි ලංකාව ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇතත් ඒවා කෙතරම් ඵලදායි ද යන්න පිළීබඳව ප්‍රශ්න කළ යුතු බව ලෝක බැංකු නියෝජිතයෝ එහිදි පැවසුහ ශ්‍රි ලංකාවේ මන්දපෝෂණයට මුලික හේතුවක් වන දිළිදුබව පිටුදැකිම අත්‍යවශ්‍ය බව ජනාධිපතිතුමා එහිදි පැවසිය. ඒ සදහා රජය දැනටමත් වැඩසටහන් රැසක් ආරම්භ කර තිබෙ. දිළිදු පවුල්වල සාමාජිකයන්ට රැකියා ලක්ෂයක් ලබාදිම දිළිදු පවුල් සදහා සහනාධාර ලබාදිම ඒ අතර වන බව එතුමා සදහන් කළේය. ළමයෙකු පරිපුර්ණ ලෙස වැඩිමේදි ඔහු ජිවත්වන පරිසරයේ වටිනාකම ද ජනාධිපතිතුමා පැහැදිලි කළේය. ඒ අනුව පසුගිය රජය සමයේ පැල්පත්වල ජීවත් වුවන් නව නිවාසවල පදිංචි කරවිමේ වැඩපිළිවෙලක් ද ආරම්භ කර තිබෙ. මෙරට කෘෂිකර්මාන්තය වැඩිදියුණු කිරිමට එම නියෝජිතයන්ගේ සහාය ඉල්ලා සිටි ජනාධිපතිතුමා කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ඵලදායිතාව ආහාර සුරක්ෂිතතාව මෙන්ම දිළිදු ජනතාවගේ ආර්ථික මට්ටම ඉහළ නැංවිමෙන් දරුවන්ට මනා පෝෂණයක් සැලසිය හැකි බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. ධිවර හා දියර කිරි කර්මාන්තය දරුවන්ගේ පෝෂණය සදහා වැඩිදියුණු කළ යුතු තවත් ක්ෂේත්‍ර දෙකකි. දියර කිරි නිෂ්පාදනය ඉහළ නැංවිමට සහාය වන්නැයිද ජනාධීපතිතුමා එම නියෝජිත පිරිසගෙන් ඉල්ලා සිටියේය.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දියුණුවට ශ්‍රි ලංකාව විශාල මුදලක් වැය කරයි. ගුණාත්මක ඖෂධ දැරිය හැකි මිලකට ලබාදිම වැනි ගැටඵවලට මේ වනවිට ශ්‍රි ලංකාව මුහුණ දී ඇතැයි පැවසු ජනාධීපතිතුමා ග්‍රාමිය සෞඛ්‍ය සේවා වැඩිදියුණු කිරිමේ අවශ්‍යතාවද පැහැදිලි කළේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *