ඉකුත් රජය තමාව අත්අඩංගුවට ගත්තේ දේශපාලන පළිගැනීමක් ලෙස බව රියර් අද්මිරාල් ඩීකේපී දසනායක මහතා කියයි

Share Button

තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් තමාව අත්අඩංගුවට ගත්තේ දේශපාලන පළිගැනීමක ප්‍රතිඵලයක් ලෙස බව රියර් අද්මිරාල් ඩී කේ පී දසනායක මහතා පවසයි  දේශපාලන පළිගැනීම් පිළිබදව විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ඔහු මේ බව කීවේය  එම චෝදනාවන්ට වරදකරු වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාගේ නම් සදහන් කර කටඋත්තරයක් ලබා ගැනීමට රහස් පොලිසියේ පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා තමාට සහ බිරිඳට බලපෑම් කළ බවද දසනායක මහතා සදහන් කළේය
මේ අතර දේශපාලන පළිගැනීම පිළිබද සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත පැමිණිලි භාර ගැනීමේ කාලය මාර්තු 6 වැනිදා දක්වා දීර්ඝ කර ඇතඩ්€ඤු මේ වනවිට පැමිණිලි 300 කට වඩා ඊට ලැබී ඇත

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *