2019 යල කන්නයේ වගා හානි වු ගොවීන්ට වන්දි පිරිනැමීම අනිද්දා සිට
2019 යල කන්නයේ වගා හානි වු ගොවීන්ට වන්දි මුදල් පිරිනැමීම අනිද්දා සිට ඇරඹේ අදාල බැංකු මගින් ගොවීන්ගේ ගිණුම් වෙත ඒවා බැර කෙරේ ලබන 3 වැනිදා සිට ගොවීන්ට එම මුදල් තම බැංකු ශාඛාවන්ගෙන් ලබා ගත හැකි බව කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි වන්දි මුදල් ලබා ගැනීමට විධිමත් ලෙස ඉල්ලුම් කර තිබියදීත් ඒවා 6 වැනිදා වනවිටත් ලැබී නොමැති නම් ඒ පිළිබඳව අභියාචනයක් ඉදිරිපත් කළ හැකිය එම අභියාචනය ප්‍රදේශයේ ගොවිජන සේවා මධ්‍යස්ථානය මගින් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ දිස්ත්‍රික් කාර්යාලය වෙත භාරදිය හැකිය මෙම කන්නයේ වගා හානි සිදුවු ගොවීන් පනස් දෙදහසකට ආසන්න පිරිසකට වන්දි මුදල් පිරිනැමේ ඒ සදහා රුපියල් මිලියන 1300 ක් වෙන් කර ඇත