උපාධිධාරිීන්ට රැකියා ලබාදීමේ වැඩපිළිවෙල යටතේ පත්වීම් ලිපි නිකුත් කිරීම ඇරඹේ
උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ වැඩපිළිවෙල යටතේ ඔවුන්ට පත්වීම් ලිපි නිකුත් කිරීම ආරම්භ කර ඇතැයි සම කැබිනට් ප්රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි පත්වීම් ලිපි නිකුත් කිරිම ජනාධිපති ලේකම් කාර්යාලය මගින් සිදු කරයි එම ලිපිවල පිටපත් දිසාපතිවරයා වෙත යොමු කෙරේ සියලු උපාධිධාරීන්ට හෙට සිට ලබන වසරේ මාර්තු පළමුවැනිදා තෙක් පුහුණුවක් ලබාදීමට ක්රියා කෙරේ එම කාලය තුල රුපියල් විසිදහසක දීමනාවක් ද පිරිනැමේ ඉන් පසු රාජ්ය සේවයේ සේවා ස්ථාන ලබාදීම සිදු වෙයි අදාල ස්ථානයේ වසර 5 ක් සේවය කළ යුතුය මේ යටතේ පනස් දහසකට පමණ පත්වීම් ලිපි නිකුත් කිරීමට නියමිතයි