දකුණු කොරියාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව සිග්‍රයෙන් ඉහළට

Share Button

දකුණු කොරියාවෙන් වාර්තා වන කොරෝනා වෛරසය ආසාදිත වුවන්ගේ සංඛ්‍යාව සිග්‍රයෙන් ඉහළ යයි ඊයේ දිනයේදී පමණක් එරටින් අලුතින් රෝගීන් 594 දෙනෙකු හමුවීි තිබේ මේ අනුව දකුණු කොරියාවෙන් වාර්තා වී ඇති මුඵ රෝගීන්ගේ සංඛ්‍යාව තුන්දහසකට ආසන්න වෙයි එරට රෝග පාලන මධ්‍යස්ථානය සදහන් කලේ කොරෝනා වැළඳීමෙන් පුද්ගලයන් 16 දෙනෙකු මියගොස් ඇති බවයි චීනයෙන් බැහැර වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ දකුණු කොරියාවෙනි මේ අතර අමෙරිකාවේ කැලිෆෝනියා සහ ඔරිගන් ප්‍රාන්තවලින් කොරෝනා රෝගීන් කිහිප දෙනෙකු හදුනාගෙන තිබේ කොරෝනා වෛසරය පැතිරයාම සැලකිල්ලට ගෙන රටවල් කිහිපයකට ජනතාවට මක්කම සහ මෙදිනා නගර වෙතට පැමිණීම තහනම් කරමින් සෞදිඅරාබිය නිවේදනයක් නිකුත් කරයි මෙම නගර මුස්ලිම් ජනතාවගේ පුජනීය නගර ලෙස සැලකේ සෞදිඅරාබියේ විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කලේ ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයේ සාමාජික රටවල් වන එක්සත් අරාබි එමීර් රාජ්‍යය බහරේනය කුවේටය ඕමානය කටාර් රාජ්‍යය සදහා මෙම තහනම ක්‍රියාත්මකයි

=====

අමෙරිකානු ජනාධීපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා එරට ජාතික බුද්ධි සේවයේ අධ්‍යක්‍ෂවරයා ලෙස රිපබ්ලිකන් පාක්ෂීක ජෝන් රැට්ක්ලිෆ් මහතා දෙවන වරටත් නම් කර තිබේ ට්‍රම්ප් මහතා ප්‍රථම වරට පසුගිය වසරේ ජුලී මාසයේදී රැට්ක්ලිෆ් මහතාව මෙම ධුරය සදහා තෝරා ගත්තේය කෙසේ වෙතත් ඔහු ඒ සදහා සුදුසු නොවන බවට පල වු වාර්තා හේතුවෙන් ඔහු තම නාමයෝජනාව ඉල්ලා අස් කරගත්තේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *