කෙරවළපිටිය ද්‍රවිකෘත වායු බලාගාරයේ ඉදිකිරීම් කඩිනමින්

Share Button

දුලිබල හා බලශක්ති ඇමති මහින්ද අමරවීර මහතා කෙරවළපිටිය ද්‍රවිකෘත වායු බලාගාරය ඉදිවන ස්ථානයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වෙයි මෙය ශ්‍රී ලංකාවේ පළමුවරට ඉදිවන මෙගාවොට් 300 ක විදුලිය ජනනය කරන එල් එන් ජී බලාගාරයයි මෙහි ඉදිකිරීම් ලක්දනව් බලාගාරය ආශ්‍රීතව සිදුකෙරේ ඊයේ එම ස්ථානය වෙත ගිය ඇමතිවරයා එම බලාගාර පරිශ්‍රයද නිරීක්‍ෂණය කළ අතර එහි නිලධාරීන් සමගද සාකච්ඡා කළේය කෙරවලපිටිය ද්‍රවිකෘත වායු බලාගාරයේ කටයුතු සම්පුර්ණයෙන්ම දේශීය ඉංජිනේරුවන් මගින් සිදුකෙරේ ලංකා විදුලිබල මණ්ඩලය හා ඊට අනුබද්ධ ආයතනයක් වන එල් ටී එල් සමාගම ඒකාබද්ධව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි වසර 2022 වනවිට මෙහි වැඩ අවසන් කිරීම කළයුතුබැවින් කඩිනමින් බලාගාරයේ ඉදිකිරීම් අරඹන ලෙස ඇමතිවරයා මෙහිදී උපදෙස් දුන්නේය ද්‍රවිකෘත වායු බලාගාරයේ ඉදිකිරීම් සම්බන්ධව ඇමතිවරයා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ පත්‍රිකාවට අනුමැතිය ලැබී තිබේ දැනට ඒ සම්බන්ධව පවතින නඩු ඉවත් කරගැනීමේ පදනම මත එම බලාගාරයේ ඉදිකිරීම් ඇරඹිමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාදී තිබේ වැඩිදුරටත් අදහස් දැක්වු ඇමතිවරයා විදුලි අර්බුදය පැවතියත් කිසිවිටක විදුලි කප්පාදුවක් හෝ විදුලිබල ඉහළ දැමිමක් සිදුනොකරන බව අවධාරණය කළේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *