ශ්‍රී ලංකාව 40 / 1 යෝජනාවට සම අනුග්‍රාහකත්වය දැක්වීමෙන් ඉවත්වීමට ගනු ලැබු තීරණයට පදනම් වු කරුණු ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය හමුවේ විදේශ ඇමතිවරයා යළි අවධාරණය කරයි

Share Button

ශ්‍රී ලංකාව 40 / 1 යෝජනාවට සම අනුග්‍රාහකත්වය දැක්වීමෙන් ඉවත්වීමටගනු ලැබු තීරණය සහ ඒ සදහා පදනම් වු කරුණු විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා යළි අවධාරණය කරයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 වැනි සැසිවාරයට සහභාගී වු ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැචලෙට් මහත්මිය ඊයේ පස්වරුවේ හමුවිය එහිදී අමතිවරයා මේ බව අවධාරණය කළේය මීට වසරකට පෙර හිටපු විදේශ කටයුතු ඇමතිවරයාද යෝජනාවේ ඉදිරිපත් කළ නොහැකි කරුණු ගණනාවක් පෙන්වා දී ඇති බව ඇමතිවරයා සිහිපත් කළේය සම අනුග්‍රාහකත්වයෙන් ඉවත්වුවද දේශීය විමර්ශන කොමිසමක් පත් කිරීම මගින් තිරසර සාමය හා සංහිදියාව සදහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා රාමුව තුළ වගවීම සහ මානව හිමිකම් සුරක්‍ෂිත කිරීමට ශ්‍රී ලංකා රජයේ කැපවීම ඇමතිවරයා එහිදී අවධාරණය කළේය තිරසර සංවර්ධන ඉලක්ක වෙත ලගාවිීම සදහා එක්සත් ජාතීන්ගේ සහ එහි නියෝජිත ආයතන සමග අඛණ්ඩව කටයුතු කරන බව ඇමතිවරයා කීවේය අතුරුදන්වු තැනැත්තන් පිළිබඳ කාර්යාලය සහ වන්දි ගෙවිමේ කාර්යාලය වැනි ආයතන රජයේ ප්‍රතිපත්තිවලට අනුකුළව අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවද ඔහු පැවසීය මානව හිමිකම් කවුන්සිලයේ ඉහළපෙලේ සැසිවාරයට සහභාගීවීම පිළීබඳව මහකොමසාරිස්වරිය මෙහිදී ඇමතිවරයා ඇතුඵ ශ්‍රී ලංකා දුත පිරිසට සිය ස්තුතිය පල කළාය ශ්‍රී ලංකාව මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවේ සම අනුග්‍රාහක තත්ත්වයෙන් ඉවත්වීම පිළීබඳ කණගාටු වන බව ප්‍රකාශ කළ ඇය මහකොමසාරිස් කාර්යාලය සහ එක්සත් ජාතීන්ගේ ආයතන සමග අඛණ්ඩව සහයෝගයෙන් කටයුතු කිරීම පිළීබඳව ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ඇමතිවරයාට ස්තුතිය ප්‍රකාශ කළාය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *